Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සභාපතිනිය හමුවීමට ඉල්ලීමක්

සභාපතිනිය හමුවීමට ඉල්ලීමක්

Nisanka Sandeepani - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ දිනවල දිවයිනට දැන් පැමිණ සිටින අන්තර් ජාතික දැල්පන්දු උපදේශිකා හා අන්තර් ජාතික දැල්පන්දු සම්මේලනයේ පුහුණු කමිටුවේ සභාපතිනි ජිල් මැකින්ටොස් මහත්මිය විශේෂ සාකච්ඡාවක් සඳහා ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ට්‍රික්ෂි නානායක්කාර මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇතැයි ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකරුවන්ගේ සංගමයේ සභාපතිනි හයිසින්ත් විජේසිංහ මහත්මිය පැවසුවාය.

ඇය ශ්‍රී ලංකාවට පැමිණි විගස කළ එම ඉල්ලීමට මෙතෙක් පිළිතුරක් ලැබී  නැතැයි ද ඇය විජේසිංහ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 
එවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන්තමන් දැනුවත් වී නැතැයි ලංකාදීපය ඊයේ කළ විමසුමකදී නානායක්කාර මහත්මිය පැවසුවාය.

අන්තර් ජාතික දැල්පන්දු උපදේශිකා ජිල් මැකින්ටොස් මහත්මිය නාවලපිටියේ නේවාසික ගත කර සිටි ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතයේ හා සංවර්ධන සංචිතයේ ක්‍රීඩිකාවන්ව දැනුවත් කරමින් සිව් දින පුහුණු වැඩමුළුවක් නාවලපිටිය ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ පිටියේදී මෙහෙයවූවාය. එය ඊයේ (17) නිමාවට පත්විය. 

මැකින්ටොස් මහත්මිය අද සහ හෙට (18 සහ 19) අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මහනුවර නගර සභා ගෘහස්ථ පිටියේදී පැවැත්වෙන පාසල් ක්‍රීඩා ගුරුවරුන් හා ගුරුවරියන් දැනුවත් කෙරෙන දැල්පන්දු වැඩමුළුවක් මෙහෙයවීමට නියමිතය. ඇය මෙම 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී තවත් දැල්පන්දු වැඩමුළු කිහිපයකටද සහභාගි වීමට නියමිතය.

 

- 223


අදහස් (0)

සභාපතිනිය හමුවීමට ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.