බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 14 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තවදුරටත් පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු, ඉතුක් සතිය තුළදී ලබාගත් ඡන්ද 2509 ත් එකතුව සිය මුළු ඡන්ද සංඛ්‍යාව 18607 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.
කෙසේ වුවත් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ සහ සචින් දල්පදාදු අතර ඉකුත් සතිය නිමාවන විට තිබූ ඡන්ද 5312 පරතරය, එහිදී 4769 දක්වා අඩු වී තිබේ. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 3052 ත් සමග මාලිංග අමරසිංහගේ මුළු ඡන්ද සංඛ්‍යාව මේ වන විට 13838 කි.
කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 4784 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡන්ද 2246 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 2384 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 813 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.
ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 195 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 72 ක් පමණි.
පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 589 සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 2704 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.
ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 1900 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡන්ද 463 ක් ලබාගෙන තිබේ.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාස 11 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සචින් දල්පදාදු | කොළඹ ශාන්ත පීතර විදුහල | 18607 |
| මාලිංග අමරසිංහ | කොළඹ නාලන්දා විදුහල | 13838 |
| අරවින්ද අකුරුගොඩ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 4784 |
| හිමේෂ රංගනාත් | පානදුර රාජකීය විදුහල | 2246 |
| පැතුම් මධුෂංක | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1549 |
| රන්දේව් පතිරණ | කොළඹ රාජකීය විදුහල | 1522 |
| ලක්ෂිණ රුද්‍රිගූ | කොළඹ ශාන්ත පීතර විදුහල | 1077 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 891 |
| ශෙහාන් වීරසිංහ | මරදාන සහිරා විදුහල | 848 |
| තිමිර ජයසිංහ | කොළඹ තර්ස්ටන් විදුහල | 723 |
| හරිත් සමරසිංහ | කොළඹ රාජකීය විදුහල | 655 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 638 |
| සචිඳු කොළඹගේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 620 |
| වනිඳු හසරංග | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 420 |
| දිනේත් නවෝද්‍ය | කොළඹ ශාන්ත පීතර විදුහල | 311 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| නිපුන් මාලිංග | ගාල්ල විද්‍යාලෝක විදුහල | 2384 |
| උදිත් දිල්සර | මීගමුව ශාන්ත පීතර විදුහල | 813 |
| අචින්ත උෂාන් | ගාල්ල විද්‍යාලෝක විදුහල | 11 |
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සහන් තෙන්නකෝන් | පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල | 2704 |
| ශිම්රාස් ශාහිල් | ඇලීතියා ජාත්‍යන්තර පාසල | 1900 |
කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත් සතියේ ජයග‍්‍රහකයෝ
1 රමණි බටගල්ල, 40/9, වොට්සන් පීරිස් මාවත, මොරටුව
2 සකිඳු දින්සර, 66 ඒ, කැළණි ගඟ මෝල පාර, මට්ටක්කුලිය, කොළඹ 15
3 එම්. ඒ. රිෆ්කි, 61/01, බටුට පාර, මාතර
4 අනෝජා එදිරිසිංහ, 13/2, දෙවැනි වීදිය, ඇඹිල්ලවත්ත පාර, බොරලැස්ගොමුව
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.