බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගය අතරතුරදී විනිසුරුවරයාට බැණවැදීම හේතුවෙන් බංග්ලාදේශ නායක සකීබ් අල් හසන්ට තරග මුදලින් 15්‍ර දඩයක් පැනවීමට තීරණය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් සභාව නිවේදනය කරයි. දඩ මුදලට අමරතව දඩුවම් ලකුණක්ද හිමිවූ සකීබ් අල් හසන් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී දඩුවම් ලකුණු ක්‍රමය හදුන්වාදීමෙන් පසුව දඩුවම් ලකුණු හිමිකරගත් දෙවැනි අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාවට එරෙහිව මාර්තු මාසයේදී පැවැති විස්සයි20 තරගයේදීත් දඩුවම් ලකුණක් හිමිකරගත් සකීබ් මේ වනවිට දඩුවම් ලකුණු 2 කට හිමිකම් කියයි.
බංග්ලාදේශ ඉනිමේ 14 වැනි ඕවරයේ පන්දුවක් විනිසුරුවරයා විසින් වයිඞ් පන්දුවක් ලෙස නම්නොකිරීම හේතුවෙන් සකීබ් අල් හසන් විසින් විරුද්ධත්වය ප්‍රකාශ කළේය. පළමුව විනිසුරුවරයාට කෑගැසු සකීබ් අල් හසන් දිගින් දිගටම විරුද්ධත්වය ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
තරගය අවසානයේ සකීබ් අල් හසන් වරද පිළිගැනීම නිසා පරීක්‍ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව එම ප්‍රකාශයේ සඳහන්විය. ශිලාත්හිදී පැවැති තරගයේදී පන්දු 43 කදී ලකුණු 61 ක් රැස්කිරීමට සකීබ් සමත්වුවද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට නොහැකිවිය.
බංග්ලාදේශ කණ්ඩායම රැස්කළ ලකුණු 129 ක් රැස්කරමින් ලබාදුන් ඉලක්කය පන්දු 55 කදී සපුරාගත් කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.
දෙවැනි සහ තෙවැනි විස්සයි20 තරග බ්‍රහස්පතින්දා (20 වැනිදා) සහ සෙනසුරාදා (22 වැනිදා) ඩකාහිදී පැවැත්වීමට නියමිතව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.