Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංශෝධන කමිටුව කි‍්‍රයාත්මක කරන්න’යි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් කියයි

සංශෝධන කමිටුව කි‍්‍රයාත්මක කරන්න’යි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් කියයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට හානිකර යැයි සැලකෙන ජාතික කී‍්‍රඩා පනතේ රෙගුලාසි සංශෝධනයේදී ශ්‍රී ලංකාවේ ඇල්මැරුණු උනන්දුව ගැන කණස්සල්ල පළකරන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මෙම සංශෝධන සඳහා පත්කළ කමිටුව වහාම කි‍්‍රයාකළ යුතුව ඇතැයි අවධාරණය කරයි.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ කලාප අධ්‍යක්ෂ පේරේ මිරෝ හා ආසියානු ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල් හා තාක්ෂණික අධ්‍යක්ෂ හුසේන් අල් මුස්සල්ලාම් යන මහත්වරුන්ගේ අත්සනින් යුත් ලිපියක් කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා වෙත යොමු කරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මේ බැව් කියා සිටියි.

මෙම ලිපියේ පිටපත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති, ආසියානු ඔලිම්පික් කමිටුවේ සභාපති, සීත සෘතු ජාත්‍යන්තර ඔලිම්පික් සම්මේලන සංවිධානයේ සභාපති ඇතු`එව සියලූ අන්තර්ජාතික කී‍්‍රඩා සම්මේලන හා ජාතික ඔලිම්පික් කමිටු වෙතද යොමුකර තිබේ.

එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ලූසාන් සාකච්ඡවේදී ශ්‍රී ලංකාවේ දෙපාර්ශ්වය සම්මුතියට පැමිණි ආකාරයට ප‍්‍රශ්නය නිරාකරණය කිරීම ගැන උනන්දුවීම හැරෙන්නට ඒ සඳහා වෙනත් පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් ඔවුන්ට ඇඟිල්ල දිගු කිරීම පිළිගත නොහැකි බවයි.

කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා පසුගිය පෙබරවාරි 16 දාතමින් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට යොමුකළ ලිපියකට පිළිතුරු දෙමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මෙම ලිපියෙන් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා ජාතික කී‍්‍රඩා සංගම් මෙම ප‍්‍රශ්නයේදී වෙනත් පාර්ශවයක් බවත් එහිදී කටයුතු කළ යුත්තේ ලූසන් සාකච්ඡුාවේදී ඇතිකරගත් එකඟතාවය පරිදි පත්කරගත් කි‍්‍රයාකාරි කමිටුව විසින් බවත්ය.


අදහස් (0)

සංශෝධන කමිටුව කි‍්‍රයාත්මක කරන්න’යි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.