Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංගක්කාර ලියුම බාරදෙයි

සංගක්කාර ලියුම බාරදෙයි

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස සැළකෙන ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර විස්සයි20 අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම නිල වශයෙන් අද (18) ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.

සංගක්කාර එම සමුගැනීමේ තීරණය නිල වශයෙන් දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාට ලිපියක් බර දුන් බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එම ලිපියේ පිටපතක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ද ඊමේල් මාර්ගයෙන් යොමු කර තිබේ.

සංගක්කාර එම ලිපියෙන් පවසා ඇත්තේ මීළග විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කිරීම සඳහා තමන් විස්සයි20 ක‍්‍රිකට් පිටියෙන් ඉවත්වීමට මෙය හොඳම අවස්ථාව ලෙස සළකන බවත් ටෙස්ට් සහ එක්දින තරගවලට තම වැඩි අවධානය යොමු කරන බවත්ය.

බංග්ලාදේශයේදී පසුගියදා අවසන් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුවත් කිරීමෙන් තොරව සංගක්කාර අන්තර්ජාතික විස්සයි20 ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව මාධ්‍යයට පැවසීම පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.

විස්සයි20 ලෝක ශූරතාව දිනා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව කටුනායක ගුවන්තොටුපළේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සංගක්කාර ක‍්‍රිකට් ආයතනය තමන් විවේචනය කිරීම පිළිබඳව ක‍්‍රිකට් ආයතනයට දොස් පැවරීය.

කුමාර් සංගක්කාර විස්සයි20 ලෝක කුසලාන අවසන් මහ තරගයේ වීරයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ක‍්‍රිකට් කමිටුව ද නියෝජනය කරන 36 හැවිරිදි සංගක්කාර විස්සයි20 අන්තර්ජාතික තරග 56 කදී අර්ධ ශතක 8 ක් සමගින් ලකුණු 1,382 ක් රැස්කර තිබේ.

ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ ද රැදි සිටි සංගක්කාර ටෙස්ට් තරග 122 කදී ලකුණු 11,151 ක් ද, එක්දින තරග 369 කදී ලකුණු 12,500 ක් ද, රැස්කරමින් ලෝක ක‍්‍රිකට් වාර්තා රැසකට හිමිකම් කියයි.   


අදහස් (6)

සංගක්කාර ලියුම බාරදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.