Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෂිලාත් සුපර්සික්ස් පිලට කඩුලු 10 ක ජයක්

ෂිලාත් සුපර්සික්ස් පිලට කඩුලු 10 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ චිතගොංග් වයිකින්ස් කණ්ඩායම සහ ෂිලාත් සුපර්සික්ස් කණ්ඩායම අතර ඩකාහිදී ඊයේ (3 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ෂිලාත් සුපර්සික්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 68 ක පහසු ඉලක්කයක් හඹා ගිය ෂිලාත් පිතිකරුවෝ ඕවර 11.1 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ මොහොමඞ් රිසර්වාන් (නොදැවී 36) සහ ඇන්ඩි්‍ර ෆ්ලෙචර් (නොදැවී 32) ෂිලාත් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 33 කදී වාර්තා වූ රිස්වාන්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 34 කදී වාර්තා වූ ෆ්ලෙචර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොංග් වයිකින්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ඉර්ෆාන් සුකූර් පන්දු 13 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 15 ක් රැස්කළ අතර පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවී යෑම චිතගොංග් කණ්ඩායමට විශාල පාඩුවක් විය.  

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක නසිර් හුසේන් ලකුණු 31 කට කඩුලු 5 ක් දවානිමින් චිතගොංග් ඉනිම සුනුවිසණු කර දැමූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් නබිල් සමාද් ලකුණු 7 කට කඩුලු 3 ක්ද, ශෆියුල්ලා ලකුණු 23 කට කඩුලු 2 ක්ද දවාගත්හ.


චිතගොංග් වයිකින්ස් පිල - ඕවර 12 කදී සියලු දෙනා දැවී 67  
(ඉර්ෆාන් සුකූර් 15, නසිර් හුසේන් 31/5, නබිල් සමාද් 7/3, ශෆියුල්ලා 23/2)

ෂිලාත් සුපර්සික්ස් පිල - ඕවර 11.1 කදී කිසිවකු නොදැවී 68  
(මොහොමඞ් රිසර්වාන් නොදැවී 36, ඇන්ඩි්‍ර ෆ්ලෙචර් නොදැවී 32)


- 036

 


අදහස් (0)

ෂිලාත් සුපර්සික්ස් පිලට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.