Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෂිදෝකාන් කරාටේ ශූරයෝ වැඩි ගෞරව දිනති

ෂිදෝකාන් කරාටේ ශූරයෝ වැඩි ගෞරව දිනති

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තදින් පහරදීමේ සමස්ථ ලංකා විවෘත ශූරතාවලියේ කිලෝ ග‍්‍රෑම් 73 ට වැඩි බර පංතියේ ශූරතාව දිනාගැනීමට ෂිදෝකාන් කරාටේ සංගමයේ පී. ආර්. එස්. ජී. බණ්ඩාර සමත්විය. එහි කිලෝ ග‍්‍රෑම් 73 ට අඩු බර පංතියේ ශූරතාව ෂිදෝකාන් කරාටේ සංගමයේ ඒ. ජී. එස්. එන්. බණ්ඩාර විසින්ද, කිලෝ ග‍්‍රෑම් 63 ට අඩු බර පංතියේ ශූරතාව එම සංගමයේම පී. ජී. ආර්. ඞී. ජයතිලක විසින්ද දිනාගනු ලැබූහ. මෙම තිදෙනාම ෂිදෝකාන් කරාටේ සංගමය නියෝජනය කරමින් තරග කළහ.

මෙම තරගාවලියට සමගාමීව පැවැති ප‍්‍රවීණයන්ගේ තදින් පහරදීමේ කරාටේ තරගයේ ශූරතාව දිනාගැනීමට ෂින් කියෝකුෂින් කරාටේ සංගමයේ එල්. හේවාවසම් සමත්විය.

ගම්පහ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පැවැති මෙම තරගාවලියට 16 වැනි සමස්ථ ලංකා විවෘත තදින් පහරදීමේ ෂිදෝකාන් කරාටේ ශූරතාවලිය සඳහා කරාටේ සංගම් 7 ක් නියෝජනය කරමින් තරඟකරුවෝ රැසක් සහභාගී වූහ.

තරගාවලියේ අධීක්‍ෂණ මණ්ඩලය ලෙස ෂින් කියෝකුෂින් කරාටේ සංගමයේ ශී‍්‍ර ලංකා නියෝජිත හා ප‍්‍රධාන උපදේශක ෂිහාන් - පියරත්න මුතුකුමාරණ, උචිදා ජුකූ කරාටේ සංගමයේ ශී‍්‍ර ලංකා නියෝජිත හා ප‍්‍රධාන උපදේශක ෂිහාන් -තාමර නිශ්ෂංක, එන්ෂින් කරාටේ සංගමයේ ශී‍්‍ර ලංකා නියෝජිත හා ප‍්‍රධාන උපදේශක ෂිහාන් - රංජිත් ද සිලවා, සෝ කියෝකුෂින් කරාටේ සංගමයේ - ශී‍්‍ර ලංකා නියෝජිත හා ප‍්‍රධාන උපදේශක ෂිහාන් - චන්දන ජයකොඩි, අයි.  ඕ. කේ. සෝසයි කියෝකුෂින් කරාටේ සංගමයේ ශී‍්‍ර ලංකා නියෝජිත හා ප‍්‍රධාන උපදේශක සෙන්සෙයි - ලලිත් එගොඩවෙල යන මහත්වරු සහභාගී වූහ.

ජාත්‍යන්තර ෂිදෝකාන් කරාටේ සංගමයේ ශී‍්‍ර ලංකා නියෝජිත හා ප‍්‍රධාන උපදේශක ෂිහාන් - ලක්මාල් ෆොන්සේකා මහතා තරගාවලියේ සංවිධායක හා ප‍්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළේය.


තරග ප‍්‍රතිඵල

 

 

 

 

 

 

 

 

 

කි. ග‍්‍රෑ. 63 ට අඩු බර පන්තිය
පළමු ස්ථානය - පී. ජී. ආර්. ඞී. ජයතිලක (ෂිදෝකාන් කරාටේ සංගමය)
දෙවන ස්ථානය - අයි. එස්. එස්. කුමාරසිංහ (ෂිදෝකාන් කරාටේ සංගමය)
තෙවන ස්ථානය - කේ. එම්. ඞී. එන්. එස්. රණවීර (වින්ග් චුන් කරාටේ සංගමය)

 

 

 

 

 

 

 

 

 

 


කි. ග‍්‍රෑ. 73 ට අඩු බර පන්තිය
පළමු ස්ථානය - ඒ. ජී. එස්. එන්. බණ්ඩාර (ෂිදෝකාන් කරාටේ සංගමය)
දෙවන ස්ථානය - ආර්. පී. යූ. ඊ. පතිරණ (ෂිදෝකාන් කරාටේ සංගමය)
තෙවන ස්ථානය - එස්. එස්. ඉස්මත් අහමඞ් (ෂිදෝකාන් කරාටේ සංගමය)

 

 

 

 

 

 

 

 

 

 

කි. ග‍්‍රෑ. 73 ට වැඩි බර පන්තිය
පළමු ස්ථානය - පී. ආර්. එස්. ජී. බණ්ඩාර (ෂිදෝකාන් කරාටේ සංගමය)
දෙවන ස්ථානය - ඩබ්. ටී.  ඕදිත විතාරණ (ෂිදෝකාන් කරාටේ සංගමය)
තෙවන ස්ථානය - ජේ. එම්. කේ. එන්. කේ. ජයතිලක (ෂිදෝකාන් කරාටේ සංගමය)

 

 

 

 

 

 

 

 

 


ප‍්‍රවීණයන්ගේ තදින් පහරදීමේ කරාටේ තරගය
පළමු ස්ථානය - එල්. හේවාවසම් (ෂින් කියෝකුෂින් කරාටේ සංගමය)
දෙවන ස්ථානය - මංජුල පී‍්‍රති විරාජ් (සෝ කියෝකුෂින් කරාටේ සංගමය)
තෙවන ස්ථානය - අයි. ආර්. සේනානායක (ෂිදෝකාන් කරාටේ සංගමය)


- 036


අදහස් (0)

ෂිදෝකාන් කරාටේ ශූරයෝ වැඩි ගෞරව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.