Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ‍්‍රී ලංකා රග්බි පිල කසක්ස්තානය පරදවයි

ශ‍්‍රී ලංකා රග්බි පිල කසක්ස්තානය පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වෙන ආසියානු පළමු පෙළ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ කසක්ස්තානය අතර අද (06) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 35-14 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ෆසිල් මරීජාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල තරගය ආරම්භයේ සිටම කසක්ස්තාන් පිලට ප‍්‍රබල අභියෝගයක් යොමු කරමින් 22-7 ක් ලෙස පෙරමුණ ගනිමින් පළමු අර්ධය අවසන් කළේය. ජයග‍්‍රාහි ශ්‍රී ලංකා පිල ගෝල තුනකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබූ අතර කසක්ස්තානය ගෝල දෙකකින් ලකුණු රැස් කළේය.

ශ්‍රී ලංකා සෙන්ටර් ක‍්‍රීඩක ධනුෂ්ක රංජන් උත්සාහක දිනුම් දෙකක් ද, ලවංග පෙරේරා සහ දුලාජ් පෙරේරා උත්සාහක දිනුම බැගින් ද, සම්පූර්ණ කිරීමට සමත් වූහ.

රීසා මුබාරක්, කාංචන රාමනායක සහ දුලාජ් පෙරේරා දඩුවම් පහර බැගින් සාර්ථක කළහ.  ගෝල ප‍්‍රවර්ථන සාර්ථක කරමින් රීසා මුබාරක් ලකුණු 4 ක් ද, කාංචන රාමනායක ලකුණු 2 ක් ද, එකතු කිරීමට සමත් වූහ.  

 

- 048


අදහස් (0)

ශ‍්‍රී ලංකා රග්බි පිල කසක්ස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.