Last Update  :  2025-10-09 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශූරයන්ගේ තරගාවලියට තරග 85 ක්

ශූරයන්ගේ තරගාවලියට තරග 85 ක්

editorial - 2025 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

වසර දෙකක නිහැඬියාවකින් පසුව ශූරයන්ගේ (චැම්පියන්) ලීග් අන්තර් සමාජ පාපන්දු තරගාවලිය (2025/26) ලබන නොවැම්බර් 7 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.ඒ සදහා නමගිය ප්‍රබලතම පාපන්දු කණ්ඩායම් 14 ක් නිර්දේශ ලබා සිටියි.

කොළඹ ටොරින්ටන් පාපන්දු නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති ජස්වර් උමාර් මහතා පැවැසුවේ ඒ සමග මේ වන විට ඇණහිට තිබෙන එෆ්.ඒ.කුසලාන, සුපර් ලීග් කුසලාන ඇතුළුව දේශීය තරගමාලා පැවැත්වීම යළි ආරම්භ කරන බවයි.

නව මුහුණුවරකින් මෙවර සිට සංවිධානය වන තරගාවලිය අදියර කීපයකින් පැවැත්වීමේදී ඊට මුළු තරග 85 ක් ඇතුළත් වෙයි. තරග වදින කණ්ඩායම් 14 මූලික වටයේදී ඒ හා බී පරිදි කාණ්ඩ දෙකකට බෙදී කණ්ඩායම් හත බැගින් මූලික වටයට සහභාගි වෙයි.

එහිදී කාණ්ඩ දෙකේ හොදම කණ්ඩායම් හතර බැගින් සුපිරි අට  (දෙවැනි) වටයට නිර්දේශ ලබයි.එයින් පසුව කාණ්ඩ දෙකේ ඉතිරි කණ්ඩායම් හය වෙනම තරග වටයකට යොමු කෙරේ.ඉන් පහළටම වැටෙන කණ්ඩායම් දෙකට තරගාවලියේ ස්ථාන අහිමි වේ.

සුපිරි අට වටයේදී ඉහළම ප්‍රසාද ලකුණුලාභී කණ්ඩායම් දෙක තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබමින් 2026 සුපිරි ලීග් පාපන්දු  තරගාවලියට නිර්දේශ ලබයි.අවසන් වරට පැවැති තරගාවලියේ ශූරතාව දිනා ඇත්තේ මාතර සිටි ක්‍රීඩා සමාජයයි.

මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවැසුවේ ඉහළම ප්‍රමිතියෙන් යුතුව තරගාවලිය පැවැත්වීමේදී ඊට නිර්දේශ ලබාගත් කණ්ඩායම් 14 සදහාම මූල්‍ය ප්‍රතිපාදන හා පාපන්දු ක්‍රීඩා උපකරණ ලබා දෙන බවයි.

 

තරගාවලියට සහභාගි වන ක්‍රීඩා සමාජ

මාතර සිටි, ජාවාලේන්,කුරුණෑගල ​ෙපලිකන්ස්, සෙරන්ඩිබ්, ක්‍රිෂ්ටල් පැලස්, ශාන්ත මේරි, බේරුවල සුපර් සන්, ශ්‍රී ලංගම, සෝන්ඩර්ස්, මොරගස්මුල්ල ක්‍රී.ස. පොලිස්, නිව් ස්ටාර්, අනුරාධපුරය සොලිඩ් හා මීගමුව යූත්


අදහස් (0)

ශූරයන්ගේ තරගාවලියට තරග 85 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.