Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශූරයකු වන හැටි කියාදෙයි

ශූරයකු වන හැටි කියාදෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් දරු දැරියන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ‘ශූරයකු වන්නේ කෙසේද’ යන තේමාව යටතේ සී.එස්.එන්. රූපවාහිනි කාලිකාව, අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව මෙහෙයවන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මාර්තු මාසයේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම වැඩසටහන වයස 9 සිට 15 දක්වා සහ වයස 15 සිට 19 දක්වා ලෙස වයස් කාණ්ඩ දෙකක් යටතේ පැයක සහ පැය දෙකක වැඩසටහන් ලෙස ක‍්‍රියාත්මක කෙරේ. දිස්ත‍්‍රික්කයට වැඩසටහන් දෙකක් ලැබෙන අතර පසුව දිවයින පුරා ව්‍යාප්ත වන ආකාරයට දේශන මාලා පැවැත්වීමටද නියමිතය.

මෙහි පළමු වැඩසටහන බදුල්ල ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක පැවැත්වීමට සූදානම් කර ඇතැයි වැඩමුළුවේ සම්බන්ධීකරණ නිලධාරී, අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්‍ෂකවරයකු වන රෝහණ කරුණාරත්න මහතා පැවසීය.  

විභාග ඉලක්ක කරගත් අධ්‍යපන ක‍්‍රමය නිසා ක‍්‍රීඩාව, විනෝදය, කලාව සහ සමාජ සේවා වලින් දරුවන් ඉවත් වීමෙන් ඇතිවී තිබෙන මානසික ආතතිය සහ පසුගිය කාලයේ දරු දැරියන් අනතුරුවලට මුහුණ පෑමත් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රධාන හේතු බවට පත්ව තිබේ.

මෙම වැඩසටහන ශාරීරික සුවතාව පමණක් ඉලක්ක නොකර භෞතික, අධ්‍යාත්මික, බුද්ධිමය පුද්ගල සම්බන්ධතා, සාමාජීය පරිසරය සහ මනස යන අංශ හය පිළිබදව සාකච්ඡ කරමින් මාර්ග අනතුරු සහ ක‍්‍රීඩා අනතුරු යන අංශ පිළිබඳව ද අවධානය යොමු කරන බව දේශකයෝ පවසති.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය, ක‍්‍රීඩා, කලාව, සංගීතය වැනි විවිධ අංශවලට සම්බන්ධ වෛද්‍යවරු සහ අධ්‍යාපනඥයෝ මෙම වැඩසටහනේ සම්පත් දායකයෝ ලෙස කටයුතු කරති.  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශයේ අනූජ මල්ලවාරච්චි මහතා මෙම වැඩසටහනේ ප‍්‍රධාන දේශකයකු ලෙස කටයුතු කරයි. නේචර් සීක‍්‍රට් ආයතනය සහ ප‍්‍රීමා සමාගම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අනුග‍්‍රහකයෝ ලෙස කටයුතු කරති.


අදහස් (0)

ශූරයකු වන හැටි කියාදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.