වෙළෙද සේවා දැල්පන්දු සංගමය සංවිධානය කළ වෙළෙද සේවා දැල්පන්දු තරගාවලියේ ‘ඒ’ කොටසේ ශූරතාව හැටන් නැෂනල් බැංකුව විසින් දිනා ගන්නා ලදී.
ශාන්ත ජෝශප් විදුහල් ගෘහස්ථ ක්රීඩා සංකීර්ණයේ පැවැති අවසන් මහා තරගයේදී කොමර්ෂල් බැංකු කණ්ඩායම ලකුණු 24/8 කින් පරදවා හැටන් නැෂනල් බැංකු ක්රීඩිකාවෝ ජය ලැබුහ.
අවසන් පුර්ව තරගවලදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු 46/40 කින් පරාජය කරනු ලැබු අතර කොමර්ෂල් බැංකු කණ්ඩායම විසින් සම්පත් බැංකු කණ්ඩායම ලකුණු 28/18 කින් පරාජය කරන ලදී.
හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ ගයංජලී අමරසිංහ දැල්පන්දු රැුජිණ ලෙස ද, දර්ශිකා අබේවික්රම, දක්ෂතම පන්දු වි`දින්නිය ලෙස ද සම්මාන ලැබුහ.
දක්ෂතම පන්දු වළක්වන්නිය ලෙස කුමරිනී සිල්වා තේරීපත් වු අතර දක්ෂතම මැදපෙළ ක්රීඩිකාව වුයේ සෙලාන් බැංකු කණ්ඩායමේ ජයලියා කුමාරි ය.
එන්. ඞී. බී. බැංකුවේ හෂිණි ආරියරත්න නැගී එන ක්රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගත්තාය.
එක්ස්පො ගෲප් කණ්ඩායම සහ නේෂන් ට්රස්ට් බැංකු කණ්ඩායම අතර පැවැති ‘බී’ කොටසේ අවසන් තරගයෙන් එක්ස්පො ගෲප් කණ්ඩායම ලකුණු 35/18 ක ජයක් ලැබීය.
සිංගර් කණ්ඩායම ‘සී’ කොටසේ ශූරතාව ද, කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම ‘ඞී’ කොටසේ ශූරතාව දිනා ගත්තේය.
ශූරතාව දිනාගත් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.