කොළඹ මැලේ ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ 147 වැනි සංවත්සරය නිමිත්තෙන් එම ක්‍රීඩාංගණයේදී පැවැති නොනවතින දැල්පන්දු තරග මාලාවේදී යුද හමුදා කණ්ඩායම විසින් ක්‍රීඩා සමාජ ශූරතාව දිනා ගන්නා ලදී. කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා කන්‍යාරාමය විසින්ද පාසල් ශූරතාව දිනාගන්නා ලදි.
මෙම දැල්පන්දු තරගාවලියේ විශේෂත්වය වූයේ පිටියේ එකවර තරග හයක් සැණකෙළි ස්වරූපයෙන් පවත්වාගෙන යාමයි. ඒ සඳහා පාසල් කණ්ඩායම් 12 ක් හා ක්‍රීඩා සමාජ කණ්ඩායම් 10 ක් සහභාගි වූහ. තරග මාලාවේ ශූරියන්ට හා අනුශූරියන්ට හා දක්ෂතම ක්‍රීඩිකාවන්ට මුදලින් ත්‍යාග ප්‍රදානය කෙරුණි.
අවසන් තරග ප්‍රතිඵල
● කුරුණෑගල මලියදේව බාලිකා විදුහල් කණ්ඩායම විසින් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම පරාජය කරන ලදි. (13-12)
● යුද හමුදා කණ්ඩායම විසින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජය කරන ලදී. (15-14)
පාසල් කාණ්ඩයේ විශේෂ සම්මාන
දක්ෂතම පන්දු විදින්නිය - චාන්දනී ගයානිකා (මලියදේව)
දක්ෂතම පන්දු රකින්නිය - ජිනාලි බාලසූරිය (මලියදේව)
දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව - තරුෂි ලක්මිණි (ශුද්ධ වූ පවුලේ ක.)
ක්‍රීඩා සමාජ කාණ්ඩයේ විශේෂ සම්මාන
දක්ෂතම පන්දු විදින්නිය හා දැල් පන්දු රැජිණ - නිසංසලා අල්ගම (යුද හමුදා)
දක්ෂතම පන්දු රකින්නිය - සමුද්‍රි අබේගුණවර්ධන (යුද හමුදා)
දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව - ගයාන්ජලී අමරවංශ (හැටන් නැෂනල්).
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.