Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ තරග ජන 29 දා සිට

ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ තරග ජන 29 දා සිට

රොෂාන් ගුණරත්න - 2013 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසන් වූ විගසින්ම ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර ටෙස්ට්, එක්දින සහ විස්සයි/20 තරගාවලිය ආරම්භ වනු ඇත. ශී‍්‍ර ලංකා පිලේ බංග්ලාදේශ සංචාරය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග 3 කින් සහ විස්සයි/20 තරග 2 කින් සමන්විත වන බව බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ යයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 29 වැනිදා සිට මිර්පූර්හිදීද, දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 4 වැනිදා සිට චිතගොන්හිදීද පැවැත්වේ.

විස්සයි/20 තරග දෙක පෙබරවාරි 12 වැනිදා සහ 14 වැනිදා චිතගොන්හිදීම පැවැත්වේ. පළමු එක්දින තරගය පෙබරවාරි මස 17 වැනිදා සිලාත්හිදීද ඉතිරි එක්දින තරග දෙක පෙබරවාරි 20 සහ 22 දිනයන්හිදී මිර්පූර්හිදීත් පැවැත්වේ.

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන වි:20, එක්දින සහ ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වන අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 20 වැනිදාය. ශී‍්‍ර ලංකා පාකිස්තාන් තරගාවලිය වි:20 තරග 2 කින්, එක්දින තරග 5 කින් සහ ටෙස්ට් තරග 3 කින් සමන්විතය.


අදහස් (0)

ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ තරග ජන 29 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.