ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ එංගලන්තයේ යොක්ෂෙයර් ප‍්‍රාන්ත කණ්ඩායම අතර අද (31 වැනිදා) එංගලන්තයේ ලීඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති සීමිත ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 26 ජයක් අත්කරගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 276 ක ඉලක්කයක් හඹාගිය යොක්ෂෙයර් පිල ඕවර 47.2 ක් අවසානයේ සියලූදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 249 ක් පමණි.
එහිදී නායක ඇලෙක්ස් ලීස් (54) සහ ඬේන් හොඞ්සන් (51) යොක්ෂෙයර් පිල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.
ලකුණු 42 කට කඩුලූ 4 ක් දවාගත් සීක්කුගේ ප‍්‍රසන්න සහ ලකුණු 33 කට කඩුලූ 3 ක් දවාගත් චතුරංග ද සිල්වා ශ්‍රී ලංකා ඒ පිලේ ජයග‍්‍රහණය සනිටුහන් කළහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලූ 9 ක් දැවී ලකුණු 275 ක් ලබාගත්තේය.
මුලූ ලකුණු සංඛ්‍යාව 41 ක් වන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 16 ක් ලබාසිටි මහේල උඩවත්ත දැවී ගිය අතර ඉන්පසුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් (100), අනෙක් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක (65) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 130 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංගඛ්‍යාව ඉහළ දැමීය.
දිගින් දිගටම අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවූ දිනේෂ් චන්දිමාල්ට අයර්ලන්තයේ සහ එංගලන්තයේ සංචාරයක නිරතවෙමින් සිටි ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කඩුලූ රකින්නාගේ ස්ථානය සඳහා හදිසියේ කැඳවීමක් ලැබිණ. එහිදී තමන් ලද අවස්ථාව නිසි ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගත් චන්දිමාල්, එංගලන්තයේදී සහභාගී වූ පළමු තරගයේදීම ශතකයක් රැුස්කරමින් නැවතත් ලකුණු අතරට පිවිසීමට සමත්විය.
පන්දු 105 කින් වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.
මෙම තරගයේදී රැස්කළ ලකුණු 65 ත් සමගින් අයර්ලන්ත සහ එංගලන්ත තරග සංචාරයේ මෙතෙක් පැවැති තරග 3 දීම අර්ධ ශතක ලබාගත් එකම කී‍්‍රඩකයා බවට පත්වීමට ධනුෂ්ක ගුණතිලක සමත්විය.
ආදිල් රෂීඞ් ලකුණු 57 කට කඩුලූ 4 ක්ද, ජේම්ස් වේන්මන් ලකුණු 51 කට කඩුලූ 3 ක්ද දවාගනිමින් යොක්ෂෙයර් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 275
(මහේල උඩවත්ත 16, ධනුෂ්ක ගුණතිලක 65, දිනේෂ් චන්දිමාල් 100, චතුරංග ද සිල්වා 29, සීක්කුගේ ප‍්‍රසන්න 17, රමිත රඹක්වැල්ල 23, ආදිල් රෂීඞ් 57/4, ජේම්ස් වේන්මන් 51/3)
යොක්ෂෙයර් කණ්ඩායම - ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 249
(ඇඩම් ලෙත් 29, ඇලෙක්ස් ලීස් 54, ඬේන් හොඞ්සන් 51, ඇන්ඩි හොඞ් 19, ජේම්ස් වේන්මන් 33, සීක්කුගේ ප‍්‍රසන්න 42/4, චතුරංග ද සිල්වා 33/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.