Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල එක්දින තරගාවලිය ජයගනී

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල එක්දින තරගාවලිය ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර ඊයේ (26 වැනිදා) අයර්ලන්තයේදී පැවැති දෙවැනි සීමිත ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 107 ක පහසු ජයක් අත්කරගත් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ලෙස ජය ගැනීමට සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 330 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට  ඕවර 41.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 222 ක් පමණි.  අයර්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ස්ටුවර්ට් තොම්සන් පන්දු 52 කින් ලකුණු 51 ක් රැුස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

ඕවර 10 ක් යවමින් ලකුණු 50 කට අයර්ලන්ත පිලේ කඩුලූ 5 ක් දවාගත් සීක්කුගේ ප‍්‍රසන්න, ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 329 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් ලෙස පන්දු 150 කදී ලකුණු 104 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට මහේල උඩවත්ත (60) සහ ධනුෂ්ක ගුණතිලක (55) සමත්වූහ.

පන්දු 84 කින් වාර්තාවූ මහේල උඩවත්තගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 76 කින් වාර්තාවූ ධනුෂ්ක ගුණතිලකගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ අශාන් පි‍්‍රයන්ජන් පන්දු 70 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 15 ක් සමගින් වේගවත් ලකුණු 111 ක් රැස්කළේය.

භානුක රාජපක්ෂ (29) සමග එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පි‍්‍රයන්ජන්, චතුරංග ද සිල්වා (60) සමග එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ප‍්‍රවේගකාරී ඉනිමක් කී‍්‍රඩා කළ චතුරංග ද සිල්වා පන්දු 27 කදී ලකුණු 60 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගිනි. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලූ 4 ක් ලකුණු 44 කට දවාගත් කේ‍්‍රග් යං, අයර්ලන්ත පිලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්විය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම -  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 329
(මහේල උඩවත්ත 60, ධනුෂ්ක ගුණතිලක 55, අශාන් පි‍්‍රයන්ජන් 111, භානුක රාජපක්ෂ 29, චතුරංග ද සිල්වා 60, කේ‍්‍රග් යං 44/4)

අයර්ලන්ත කණ්ඩායම -  ඕවර 41.3 කදී සියලූ දෙනා දැවී 222
(ජෝන් ඇන්ඩර්සන් 32, නික් ලර්කින් 16, ස්ටුවර්ට් තොම්සන් 51, ඇන්ඩෘ වයිට් 45, ඇන්ඩි මැක්බි‍්‍රන් 31, එඞී රිචඞ්සන් 27, සීක්කුගේ ප‍්‍රනන්න 50/5, දුෂ්මන්ත චමීර 34/3)

 

- 036


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.