ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර අද (23 වැනිදා) අයර්ලන්තයේදී පැවැති සීමිත ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 28 ක ජයක් අත්කර ගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 284 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට ඕවර 49.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 255 ක් පමණි.
එහිදී හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ නායක ස්ටුවර්ට් පොයින්ටර් පන්දු 89 කින් ලකුණු 109 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි.
මුල් පෙළ කඩුලූ එකිනෙක දැවීයද්දී 8 වැනි කඩුල්ල වෙනුවෙන් කේ‍්‍රග් යං (26) සමග එක්ව ලකුණු 65 ක සමබන්ධතාවක් සහ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පීටර් චේස් (නොදැවී 22) සමග ලකුණු 87 ක සමබන්ධතාවක් ගොඩනැගීමට පොයින්ටර් සමත් වූවත්, තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
ලකුණු 35 කට කඩුලූ 4 ක් දවාගත් දුෂ්මන්ත චමීර අයර්ලන්ත පිලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.
කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායක ස්ටුවර්ට් පොයින්ටර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 283 ක් ලබාගත්තේය.
ලකුණු පුවරුවට ලකුණු 2 ක් එක්වන විට ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස එක් ලකුණක් ලබා සිටි කුසල් ජනිත් දැවී ගිය අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 131 කදී ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට මහේල උඩවත්ත (88) සහ ධනුෂ්ක ගුණතිලක (57) සමත්වූහ.
පන්දු 117 කින් වාර්තාවූ මහේල උඩවත්තගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 68 කින් වාර්තාවූ ධනුෂ්ක ගුණතිලකගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වය දරන අශාන් පි‍්‍රයන්ජන් ලකුණු 21 ක් ලබා සිටයදී ඇන්ඩෘ වයිට්ගේ පන්දුවක් හමුවේ කේ‍්‍රග් යං අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
කණ්ඩායමේ 6 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ චතුරංග ද සිල්වා පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලූ 5 ම ලකුණු 61 කට දවාගත් එඞී රිචඞ්සන්, අයර්ලන්ත පිලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්විය.
ශ්‍රී ලංකා පිල - ඕවර 50 කදී සියලූ දෙනා දැවී 283
(මහේල උඩවත්ත 88, ධනුෂ්ක ගුණතිලක 57, අශාන් පි‍්‍රයන්ජන් 21, චතුරංග ද සිල්වා 43, සචිත් පතිරණ 23, රමිත් රඹුක්වැල්ල 18, එඞී රිචඞ්සන් 61/5, ඇන්ඩෘ වයිට් 41/2, කේ‍්‍රග් යං 62/2)
අයර්ලන්ත කණ්ඩායම - ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 255
(ඇන්ඩි බල්බිර්නි 37, ස්ටුවර්ට් පොයින්ටර් 109, කේ‍්‍රග් යං 26, පීටර් චේස් නොදැවී 22, දුෂ්මන්ත චමීර 35/4, ඉෂාන් ජයරත්න 41/2, ලහිරු ගමගේ 57/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.