Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා පිල පස්වැනි ජයත් ලබාගනී

ශී‍්‍ර ලංකා පිල පස්වැනි ජයත් ලබාගනී

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

මැලේසියාවේ පැවැත්වෙන ‘තුවාන්කු ජෆාර් කුසලාන’ අන්තර් ජාතික වයස 15 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (10 වැනිදා) පැවැති තරගයකදී සිංගප්පූරු කණ්ඩායම පරදවා ලකුණු 279 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී පිට පිටම ලද පස්වැනි ජයග‍්‍රහණය මෙයයි. මින් පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් බංග්ලාදේශ, මැලේසියානු, දකුණු අපි‍්‍රකානු, සිංගප්පූරු සහ ඉන්දීය කණ්ඩායම් පරාජය කරන ලදි.

ශ්‍රී ලංකා 15 න් පහළ කණ්ඩායමේ නායක නිපුන් ධනංජය ලකුණු 82 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගය 12 වැනිදා (හෙට) පැවැත්වේ.  

 


ශ්‍රී ලංකා 15 න් පහළ කණ්ඩායම - ඕවර 40 කදී කඩුලූ 7 ක් දැවී 307
(නිපුන් ධනංජය 82, තවීෂ අභිශේක් 60, ගිහාන් අචින්ත 57, රොශේන් ප‍්‍රනාන්දු 51, පැතුම් මධුසංක නොදැවී 14, තිතිර වීරසිංහ 13, ආර්යන් කිරන් 35/3, රාතික් බට්නාගර් 43/2)

සිංගප්පූරු 15 න් පහළ කණ්ඩායම -  ඕවර 20.5 කදී සියලූ දෙනා දැවී 28
(දිලූම් සුදීර 4/3, ප‍්‍රමුජිත් පණ්ඩිතරත්න 9/3, පැතුම් මධුසංක 4/2)


- 036


අදහස් (2)

ශී‍්‍ර ලංකා පිල පස්වැනි ජයත් ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.