Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකාවට ටොක්කක්

ශී‍්‍ර ලංකාවට ටොක්කක්

ශනුක අරවින්ද - 2015 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2017 දී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල ස්ථිර වශයෙන්ම ශී‍්‍ර ලංකාවේ නොපැවැත්වෙන බවත් ඒ සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව වෙනත් රටවලට විවෘත කර තිබෙන බවත් ආසියානු ඔලිම්පික් සංගමයේ සභාපති ෂෙයික් හමාඞ් අල් ෆහාඞ් මහතා පවසයි.

66 වැනි වරටත් (මැයි 21 වැනිදා) පැවැති ආසියානු ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩල රැස්වීමේදී ගත් තීරණය ප‍්‍රකාශයට පත්කරමින් පැවැති පුවත් පත් සාකච්ඡවකදී ආසියානු ඔලිම්පික් සංගම් සභාපතිවරයා පැවසී යයි ආසියානු ඔලිම්පික් සංගමයේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

එම වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට ආසියානු ඔලිම්පික් සංගමය විසින් මෙම තීරණය ගනු ලැබ ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවට ශී‍්‍ර ලංකා රජයෙන් ඇතිවන බලපෑම් හේතුවෙනි. වසර 2017 දී පැවැත්වීමට නියමිතව තිබූ යොවුන් ආසියානු කී‍්‍රඩා උළෙලේ සත්කාරක නගරය හම්බන්තොට සිට කොළඹට මාරු කරන ලද නමුත් එදා මෙදා තුර ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොගැනීම නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බවද එහි සටහන් වේ.

”තුන්වැනි වරටත් පැවැත්වෙන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව දැන්  ඕනෙම රටකට තියෙනවා. කොහොම වුණත් මෙම අවස්ථාව අපි ඉන්දුනීසියාවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට හේතුව 2018 දී පැවැත්වීමට නියමිත ආසියානු කී‍්‍රඩා උළෙල (ඉන්දුනීසියාවේ ජකර්තා නුවර) වෙනුවෙන් පෙරහුරුවක් කරුගැනීම සඳහායි” යයිද ෂෙයික් හමාඞ් අල් ෆහාඞ් මහතා එම පුවත් පත් සාකච්ඡුාවේදී පවසා තිබිණ.

කෙසේ වෙතත් ලබන සැප්තැම්බරයේදී තුර්ක්මෙනිස්ථානයේදී රැස්වන ආසියානු ඔලිම්පික් සංගමයේ මහ සභාව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇත.


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට ටොක්කක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.