ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් ක්ෂේත්රයේ මේ වන විට සිටින ප්රබලතම පිතිකරුවකු වන අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 500 කඩයිම පසුකර යද්දී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර මොරටුවේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. දෙවැනි ඉනිමේදී ලකුණු 37 ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු මෙවර පාසල් කි‍්‍රකට් වාරයේදී ලකුණු 500 කඩයිම පසුකළ පළමු පිතිකරුවා බවට පත්විය.
මෙවර පාසල් කි‍්‍රකට් වාරයේ තරග 5 කට පමණක් සහභාගි වී ඇති අවිශ්ක ප්‍රනාන්දු කොළඹ ඞී. එස්. සේනානායක විදුහලට (139) සහ පානදුර රාජකීය විදුහලට එරෙහිව (නොදැවී 113) ශතක ලබාගත් අතර ගාල්ල මහින්ද විදුහලට එරෙහිව අර්ධ ශතකයක් ලබාගත්තේය. ඔහුගේ ඉනිමක සාමාන්‍යය ලකුණු 62.5 කි.
වමතින් දග පන්දු යවන ප්‍රමේෂ් ප්‍රනාන්දුගේ විශිෂ්ට පන්දු යැවීම (28/5) නිසා නාලන්දා මුල් ඉනිම ලකුණු 119 කට සීමා විය.
ශාන්ත සෙබස්තියන් විදුහල - පළමු ඉනිම 117
(අශේර් වර්ණකුලසූරිය 30, මලික් පෙරේරා 23/3, අසෙල් කුලතුංග 08/2)
කොළඹ නාලන්දා විදුහල - පළමු ඉනිම 119
(මාලිංග අමරසිංහ 44, ප්‍රමේෂ් ප්‍රනාන්දු 28/5, ළහිරු හේෂාන් 34/2)
ශාන්ත සෙබස්තියන් විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 6 ක් දැවී 167
(විරාජ් පෙරේරා 45, අවිශ්ක ප්‍රනාන්දු 37, මුදිත ප්‍රනාන්දු 20, දිල්හාන් සුරවීර 33/2, කවිඳු බණ්ඩාර 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.