ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර හෙට (09) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශාන්ත පීතර විදුහල පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලූ 6 කින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කළ අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශාන්ත බෙනඩික් විදුහල ලකුණු 75 කින් ලූම්බිණි විදුහල පරාජය කළේය.
මෙහිදී ශාන්ත පීතර විදුහලේ නායකයා ලෙස චන්දුල ජයමාන්න ද, ශාන්ත බෙනඩික් විදුහලේ නායකයා ලෙස මහිල් ජයලත් ද, කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.