Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පළමු වටයේ පැවති තරගයකදී මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාල ‘බී’ කණ්ඩායම ඊයේ (18 වැනිදා) සමත් විය. මෙම තරගය නුගේගොඩ විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ජෝශප් විද්‍යාලයේ සසිදු ප්‍රාර්තන (ලකුණු 62) සහ අශාන් සංදීප (ලකුණු 52) ජෝශප් පළමු ඉනිම ශක්තිමත් කළහ.
හොරයිසන් විද්‍යාල පළමු ඉනිම - ඕවර 43.5කදී සියලු දෙනා දැවී ලකුණු 225
(ශාරික අමන්ද නොදැවී 46, එරංග ශංසක 39, දසිදු රංසික 31, යෙහාන් ලක්විදු 27, චේතික ඩෙරොන් 26, ආර්.ඊ.ඩී. ප්‍රනාන්දු 64/3)
ශාන්ත ජෝශප් පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලු 6කට ලකුණු 226
(සසිදු ප්‍රාර්තන 62, අශාන් සංදීප 52, ආර්.ඊ.ඩී. ප්‍රනාන්දු 26, යසිදු මෙත්වාන් 24, යෂාන් නිලුපුල් 20, ඩිෂේන් හංසක 48/2)
හොරයිසන් විද්‍යාල දෙවන ඉනිම - ඕවර 6කදී කිසිවෙකු නොදැවී 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.