Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කොළඹ කේරී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 55 ක ජයක් ලබාගැනීමට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් තෙෂාන් මලින්ද (108) ශතකයක් සහ හිරූෂ සංදීප (85) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මිතිල පූර්ණජිත සහ තරූෂ සඳරුවන් කඩුලු 7 බැගින් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කොළඹ කේරී විද්‍යාලය වෙනුවෙන් නයන බණ්ඩාර ලකුණු 63 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 33.4 කදී සියලුදෙනා දැවී ලකුණු 114
(සතීෂ රණතුංග 48, මොහොමඞ් මුස්තාෆ් 29, තරූෂ සඳරුවන් 15/3, මිතිල පූර්ණජිත් 21/3)
ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.4 කදී සියලුදෙනා දැවී ලකුණු 272
(තෙෂාන් මලින්ද 108, හිරූෂ සංදීප 85, නයන බණ්ඩාර 63/6, ගවේෂ් සත්සර 51/2)
කේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී ලකුණු 103
(මොහොමඞ් මුස්තාෆ් 24, අබ්දුල් රහ්මන් 22, මිතිල පූර්ණජිත් 14/4, තරූෂ සඳරුවන් 29/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.