Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ඇලෝසියස් - සීතාදේවි ශූරතා දිනති

ශා. ඇලෝසියස් - සීතාදේවි ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී ගාල්ලේ ශා.ඇලෝසියස් විදුහල සහ මහනුවර සීතාදේවී බාලිකා විදුහල  හොකී ශූරතා දිනා ගැනීමට සමත් වූහ. කොළඹ කෘතිම හොකී ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගන 4 කදී මෙම තරගාවලිය පැවැත්විණි.

වයස අවු 20න් පහළ බාලක අවසන් තරගයේදී කොළඹ නාලන්දා විදුහල පරාජය කරමින් ශා.ඇලෝසියස් විදුහල බාලක ශූරතාව දිනා ගත් අතර නාවල ජනාධිපති බාලිකා විදුහල පරදා සීතාදේවී බාලිකාවෝ ශූරතාව දිනා ගන්නා ගත්හ.

තුන් වැනි ස්ථාන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට සහ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලට හිමි විය.
මෙම තරගාවලියේ දී ශා.ඇලෝසියස් විදුහලේ හිරාන් සචින්ත  සහ සීතාදේවී බාලිකා විදුහලේ තාරුකා අබේරත්න දක්ෂතම ක්‍රීඩකයාට සහ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනා ගත්හ.

 


අදහස් (0)

ශා. ඇලෝසියස් - සීතාදේවි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.