Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ආනා ඉනිමකින් ජය ගනියි

ශා. ආනා ඉනිමකින් ජය ගනියි

ශනුක අරවින්ද - 2017 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීගමුව ශාන්ත පීතර විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර කුරුණෑගලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 28 ක ජය ලැබීමට ශාන්ත ආනා විදුහල සමත් විය.

ශාන්ත ආනා විදුහලේ විමුක්ති බණ්ඩාර (108) ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර පියුමාල් සිංහවංශ ලකුණු 35 කට කඩුලු 7 ක් දවාගනිමින්ද, ලක්ෂිත ද සිල්වා ලකුණු 29 කට කඩුලු 6 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 114
(උමේෂ් ලක්ෂාන් 34, නිර්මාල් රොමිල්ටන් 24, හිරුෂ චාමෝද් 21, ලක්ෂිත ද සිල්වා 29/6, රන්දීර රණසිංහ 30/2)  

ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 313
(විමුක්ති බණ්ඩාර 108, තරිඳු විජේසිංහ 60, කාවින්ද රණසිංහ 41, පුබුදු ගනේගම 33, රවින් සලිත් 54/4, ඉසුරු උත්පල 57/3, දිනෙත් තත්සර 92/2)

ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 65.3 කදී සියලු දෙනා දැවී 171
(උමේෂ් ලක්ෂාන් 71, පසිඳු නවෝද් 40, තිසර මදුවන්ත 24, පියුමාල් සිංහවංශ 35/7, පුබුදු ගනේගම 17/2)

-036

 


අදහස් (0)

ශා. ආනා ඉනිමකින් ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.