අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශාන්ත ජොන් විදුහල සහ කළුතර විද්‍යාලය අතර ශාන්ත ජොන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කළුතර විද්‍යාලය සමත් විය.
එහිදී ශාන්ත ජොන් විදුහලේ අශාන් දිල්හාර නොදැවී ලකුණු 146 ක් රැස්කළ අතර එම විදුහලේම රෙෂාන් ප්‍රනාන්දු පළමු ඉනිමේදී ලකුණු 76 ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී 123 ක්ද රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.
කළුතර විද්‍යාල පළමු ඉනිම - ඕවර 79 කදී කඩුලු 8 ක් දැවී 353
(විෂාර ප්‍රනාන්දු 82, කවිඳු ජයවික්‍රම 73, අවිශ්ක ලක්ෂාන් 77, ක්‍රිෂාන් විරංග නොදැවී 40, දිනුෂ්ක මධුෂාන් 21/2, දිල්ෂ ප්‍රසන්න 17/2, සංජු මධුමාල් 97/2, අමිල පෙරේරා 16/2)
ශාන්ත ජොන් විදුහල් පළමු ඉනිම - ඕවර 57.4 කදී සියලු දෙනා දැවී 229
(රෙෂාන් ප්‍රනාන්දු 76, සසිත කරුණාරත්න 62, අමිල පෙරේරා 40, රුචිර ගුණතුංග 55/6, විශ්මිත කොස්තා 56/2)
ශාන්ත ජොන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 309
(අශාන් දිල්හාර නොදැවී 146, රෙෂාන් ප්‍රනාන්දු නොදැවී 123, සචින් ධනංජය 24, රුචිර ගුණතුංග 71/2, විශ්මිත කොස්තා 48/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.