Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පොලොන්නරුව රාජකීය විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර මින්නේරියේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.
එහිදී වයි.එස්. කොස්වත්ත (නොදැවී 73) සහ කේ. සිල්වා (58) ශාන්ත සිල්වෙස්ටර් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම එම්.කේ. සිල්වා ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 53.3 කදී සියලු දෙනා දැවී 120
(හර්ෂිතා කවීෂාන් 51, ඒ. සිරිමන්ත 25, එම්.කේ. සිල්වා 20/4, එම්.එම්. එරික් 10/3, ඩී. සෙනෙවිරත්න 15/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 54 කදී කඩුලු 6 ක් දැවී 208
(වයි.එස්. කොස්වත්ත නොදැවී 73, කේ. සිල්වා 58, ඒ. ඉඳුවර 37/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.