අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ හලාවත ශාන්ත මේරි විදුහල අතර ශාන්ත මේරි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත මේරි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශාන්ත මේරි විදුහලේ සවිඳු ප්‍රසාද් (50) අර්ධ ශතකයක් ලබාගත් අතර ශාන්ත ආනා විදුහලේ පසිඳු තෙන්නකෝන් සහ මනාන් මුස්කුමින් කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර ඕවර 31.5 කදී සියලු දෙනා දැවී 137
(පිනිත බුද්ධික 43, පසිඳු තෙන්නකෝන් 30, ෂෙනාල් අප්පුහාමි 44/3, දිමුතු අනුහස් 38/2)
ශාන්ත මේරි විදුහල් පළමු ඉනිම - ඕවර 71.5 කදී සියලු දෙනා දැවී 191
(සවිඳු ප්‍රසාද් 50, ශවීන් වීරසූරිය 46, දිමුතු අනුහස් 24, පසිඳු තෙන්නකෝන් 34/4, මනාන් මුස්කුමින් 52/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.