Last Update  :  2025-07-13 22:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත පීතරයෝ ඩී.එස්. පරදවති

ශාන්ත පීතරයෝ ඩී.එස්. පරදවති

editorial - 2025 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ සෙනසුරාදා (5 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 24-17 ක ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.

ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 19-00 ක් ලෙස ශාන්ත පීතරයෝ පෙරමුණ ගත්හ. එහිදී ශාන්ත පීතර විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ඩී.එස්. ක්‍රීඩකයන් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු 17 ක් එක්කර ගැනීමට සමත් වෙද්දී, ශාන්ත පීතර ක්‍රීඩකයන්ට උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. 

කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නියමිත කාලය අවසානයේ මෙම තරගයෙන් ලකුණු 24-17 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර විදුහල සමත් විය. ශාන්ත පීතර විදුහල් කණ්ඩයමේ ජමාල් වහබ් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. 


අදහස් (0)

ශාන්ත පීතරයෝ ඩී.එස්. පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.