Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත තෝමස් - ධර්මාශෝක ජය පරාජයෙන් තොරයි

ශාන්ත තෝමස් - ධර්මාශෝක ජය පරාජයෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරග ජය පරාජයෙන් තොරව අද (14 වැනිදා) අවසන් විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ මිහිසල් අමෝද (122) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කවිඳු රිද්මාල් කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 77.2 කදී සියලුදෙනා දැවී ලකුණු 248
(මිහිසල් අමෝද 122, ගිසන්තික ජයවීර 45, කවිඳු රිද්මාල් නොදැවී 28, නිපුන් රුචිර 24, නවීන් රසාංග 29/3, කවිඳු නදීශාන් 97/3)

ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 80.1 කදී සියලුදෙනා දැවී ලකුණු 240
(සසිඳු මල්ෂාන් 41, අරෝෂණ සොයිසා 41, කවිඳු නදීශාන් 39, දිනුක දිල්ෂාන් 34, චමිඳු දිල්ශාන් 25, කවිඳු රිද්මාල් 41/5, සෙනෙත් සිතාර 44/3)

ශා.තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 137
(සංචිත රණසිංහ නොදැවී 59, සචිර රශ්මික 26, තරිඳු ජයසේකර 21, මිහිසල් අමෝද 20, කවිඳු නදීශාන් 48/2)

 


අදහස් (0)

ශාන්ත තෝමස් - ධර්මාශෝක ජය පරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.