
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජොන් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ යෝගදාස් විදූෂන් ලකුණු 52 කට කඩුලු 10 ක් දවාගනිමින් ශාන්ත ජෝන් විදුහල් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 29.4 කදී සියලු දෙනා දැවී 29
(යෝගදාස් විදූෂන් 08/5, ඇන්ටන් අභිෂේක් 08/4)
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 56.3 කදී සියලු දෙනා දැවී 175
(කේ. කරිසන් 60, ඇන්තනී පිල්ලෙයි 21, එන්. සෞම්‍යන් 20, ඉනුක ඒකනායක 25/4, විධරු සුභසිංහ 55/4)
ශාන්ත තෝමස් විදුහල් දෙවෙනි ඉනිම- ඕවර 72.5 කදී සියලු දෙනා දැවී 127
(රවිෂ්ක ලක්ෂාන් 33, කවිඳු සේනාරත්න 21, නිම්සර විජේසිංහ 21, යෝගදාස් විදූෂන් 44/5, ඇන්ටන් සරාන් 26/2 )
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.