අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ආනා විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ශාන්ත ආනා විදුහලේ ලසිඳු වර්ණකුලසූරිය ලකුණු 78 ක් රැස්කළ අතර එම විදුහලේම සසිඳු තෙන්නකෝන් ලකුණු 71 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත පීතර විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ රුවින් සෙනෙවිරත්න ලකුණු 88 කට කඩුලු 9 ක් දවාගත්තේය.
ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 82.1 කදී සියලු දෙනා දැවී 233
(ලසිඳු වර්ණකුලසූරිය 78, දිල්හාර දේශබන්දු 47, රුවින් සෙනෙවිරත්න 65/7, කනිෂ්ක මධුවන්ත 80/2)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 72 කදී සියලු දෙනා දැවී 231
(නිපුනක ෆොන්සේකා නොදැවී 81, ළහිරු චේතක 36, විනුග ලියනගේ 34, ෂැනන් ප්‍රනාන්දු 28, සසිඳු තෙන්නකෝන් 71/5, මනාන් මුසම්මිල් 41/3)
ශාන්ත ආනා විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 46 කදී කඩුලු 5 ක් දැවී 129
(පිවිතු ප්‍රනාන්දු නොදැවී 33, කවිඳු ඒකනායක නොදැවී 25, ලසිඳු වර්ණකුලසූරිය 29, රිසිත් පෙරේරා 27, වනුජ කුමාර 20/2, රුවින් සෙනෙවිරත්න 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.