
අන්තර් පාසල් වයස 13න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත තෝමස් ප්‍රාථමික විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹ මැලේ ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.
එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ සසිඳු අවිශ්ක (76) අර්ධ ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.
ශාන්ත තෝමස් ප්‍රාථමික විදුහල් පළමු ඉනිම - ඕවර 34 කදී සියලු දෙනා දැවී 113
(ආයිමාන් අන්තාරි නොදැවී 42, හරීන් කෝදාගොඩ 22, හිතේෂ් රුවන්ද 36/3, සසිඳු අවිශ්ක 03/2, ඩිලංක මධුෂාන් 24/2)
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 45.1 කදී කඩුලු 7 ක් දැවී 214
(සසිඳු අවිශ්ක 76, හර්ෂ වීරසූරිය 26, ෂනෙල් තිමාන 21, ඩිලංක මධුෂාන් නොදැවී 20, ආයිමාන් අන්තාරි 35/3, රමිෂ්ක ද මෙල් 46/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.