පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර 62 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය අද සහ හෙට (21 සහ 22) දෙදින මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති තරග 61 කදී ශ්‍රී සුමංගල විදුහල තරග 8 ක් ද, මොරටු මහ විදුහල තරග 7 ක් ද ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ශ්‍රී සුමංගල විදුහල අවසන් වරට 2007 වසරේ ඉරේෂ් පුෂ්පකුමාරගේ නායකත්වයෙන් ද, මොරටු මහ විදුහල 2010 වසරේ අනුරුද්ධ කල්හාරගේ නායකත්වයෙන් ද ජය ලබා තිබේ.
මෙවර ශ්‍රී සුමංගල විදුහල් නායකයා ලෙස ගීත් සංජය ද, මොරටු මහ විදුහලේ නායකයා ලෙස හර්ෂ දේවින්ද ද, කටයුතු කරති.
දෙවිදුහල් අතර වාර්ෂික සීමිත ඕවර ක‍්‍රිකට් තරගය මේ මස 23 වැනිදා මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.