Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා - මාලදිවයින තරගය අද

ශ්‍රී ලංකා - මාලදිවයින තරගය අද

editorial - 2025 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් අද  (4) ආරම්භ වන මධ්‍යම ආසියානු සිවු කොන් වොලිබෝල් (වයස 18 න් පහළ - බාලිකා) තරගාවලියේ ආරම්භක තරගය ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර අද පස්වරු 3 ට පැවැත්වේ.අද පස්වරු 5.30 ට කිකිරිගිස්ථානය හා නේපාලය අතර දෙවැනි තරගය පැවැත්වේ.නේපාලය ඊට එක්ව සිටින සෙසු රටයි.

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් කොළඹදී සංවිධානය කරන මෙම තරගාවලිය සදහා රුපියල් කෝටි දෙකකට ආසන්න වැයක් දැරෙන බව මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

එහිදී සුගතදාස ගෘහස්ථ පිටිය හා සුගතදාස හෝටලය ලබාදීමෙන් ක්‍රීඩා අමාත්‍යාංශය තරගාවලියට අනුග්‍රාහය දක්වා තිබේ.තරගාවලිය ශූරතාව දිනන කණ්ඩායම එළඹෙන (2026) ආසියානු වොලිබෝල් (වයස 20 න් පහළ - බාලිකා) තරගාවලිය සදහා මධ්‍යම ආසියානු කලාපයෙන් නිර්දේශ ලබයි.

තරගාවලිය ඉරිදා (9) පස්වරු 4.30 ට පැවැත්වෙන අවසන් මහ තරගයෙන් නිමාවට පත්වේ.මූලික වටයේදී ශ්‍රී ලංකාව හෙට (5) පස්වරු 4.30 ට නේපාලයට එරෙහිව හා අනිද්දා (6) ගිය වර ශූරතාව දිනූ කිරිගිස්ථානය සමග තවත් තරග දෙකකට සහභාගි වේ.

සෙනසුරාදා (8) අවසන් පූර්ව වටය පැවැත්වේ.සමාප්ත උත්සවය ඉරිදා පස්වරු 6 ට  ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම : - සුලක්ෂනා පසිඳුනී

(කණ්ඩායම් නායිකා  -රුවන්වල්ල රාජසිංහ මැදි විදුහල),

පරිවාර නිලධාරීන් : -චාල්ස් තිලකරත්න,

සහාය පුහුණුකරුවන් : - නිලංග රුෂාන් ජයකොඩි  හා උදය රුක්මාල්, කළමනාකරු : - චමින්ද ලක්ෂ්මන්, ක්‍රීඩිකාවන් භාර නිලධාරිනී : - නදීකා සදමාලී, හිරුණි ප්‍රබෝදා, පවනී පබසරා, විහගි අහිංසා, නෙත්මී දිව්‍යාංජලී,(හුංගම විජයබා විදුහල), ටෂනී භාග්‍යා ( ගම්පහ යශෝධරා බාලිකා විදුහල), අප්සරා නෙත්මිණී (කිරිදිවැල සංඝමිත්තා බාලිකා විදුහල), වත්ෂිකා දිල්හානී,නෙත්‍යා මින්දුලී, තිසදී තුෂ්මිණී ( නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල), හර්ශනී නිසංසලා, ජිනේෂි මධුෂානි ( ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල)


අදහස් (0)

ශ්‍රී ලංකා - මාලදිවයින තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.