Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා යොවුන් පිල 1-0 කින් පෙරට එයි

ශ්‍රී ලංකා යොවුන් පිල 1-0 කින් පෙරට එයි

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල සහ  ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල අතර කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තෙවැනි යොවුන් එක්දින ජත්‍යන්තර තරගයෙන් ලකුණු 23 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.  

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලියේ  තරග 3 ක් අවසන් වන විට තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ සමත්වූහ. තරගාවලියේ පළමු තරග 2 වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

ලකුණු 241 ක ජයග‍්‍රහාහී ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියා පිලට  ඕවර 48.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 217 ක් පමණි.

ඕස්ටේ‍්‍රලියා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ක්ලින්ට් හින්ච්ලිෆි පන්දු 102 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 64 ක් රැස්කළේය.

ලකුණු 36 කට කඩුලූ 4 ක් දවාගත් දමිත සිල්වා,  ඕස්ටේ‍්‍රලියා පිලේ පිතිකරුවන් දැඩි අසීරු තත්ත්වයකට පත්කළේය. චාමික කරුණාරත්න සහ රවිඳු තිලකරත්න කඩුලූ 2 බැගින් දවාගනිමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑම සඳහා දමිතට අගනා සහයක් දුන්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 240 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ පසිඳු ඉෂාර පන්දු 80 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 40 කට කඩුලූ 4 ක් දැවී ශ්‍රී ලංකා පිල අසීරු අඩියක පසුවූ මොහොතේ පසිඳු ඉෂාර සහ අවිෂ්ක ප‍්‍රනාන්දු (41) එක්ව පන්දු 130 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී, 8 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි වනිඳු හසරංග සහ 9 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි දමිත සිල්වා පිළිවෙළින් ලකුණු 43 ක් සහ නොදැවී ලකුණු 25 ක් රැස්කිරීමට සමත්වූහ.


ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල -  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 240
(දිනිත් තිමිද්‍ය 17, අවිෂ්ක ප‍්‍රනාන්දු 41, පසිඳු ඉෂාර 50, චාමික කරුණාරත්න 23, වනිඳු හසරංග 43, දමිත සිල්වා 25, සෑම් ග‍්‍රිම්වේඞ් 40/3, ක්ලින්ට් හින්ච්ලිෆී 43/2, ජොන්ටි පැටිසන් 44/2)

ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල -  ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 217
(ජේක් වින්ටර් 23, ක්ලින්ට් හින්ච්ලිෆි 64, ලියෑම් බැන්තෝර්ප් 41, ජොන්ටි පැටිසන් 18, දමිත සිල්වා 36/4, රවිඳු තිලකරත්න 30/2, චාමික කරුණාරත්න 49/2)

 

- 036


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල 1-0 කින් පෙරට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.