Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම හෙට දිවයිනට

ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම හෙට දිවයිනට

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ පාපන්දු තරග සංචාරයක් සදහා සහභාගී වී සිටි ශ්‍රී ලංකා බාලිකා පාපන්දු කණ්ඩායම හෙට (29 වැනිදා) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරියෙක් ඊයේ (27 වැනිදා) පැවසීය.

මෙම කණ්ඩායම ඇතුළු එරටේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් පෙරේදා (26 වැනිදා) රාත‍්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණත් ඔවුන් රැගෙන ඒම සදහා දිවයිනෙන් පිටත් වූ විශේෂ ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්ව ඇති හෙයින් පැමිණීම දිනක් ප‍්‍රමාද කිරීමට සිදුව ඇත. නේපාලයේ පෞද්ගලික ගුවන් යානා ධාවනය මේ වන විට සීමා වී ඇත.

දකුණු හා මධ්‍යම ආසියානු කලාපීය වයස 14 න් පහළ කාන්තා පාපන්දු තරගාවලියට සහභාගී වීම ස`දහා  ශ්‍රී ලංකා  කණ්ඩායම මේ මස 19 වැනිදා නේපාලයේ කත්මණ්ඩු අගනුවර බලා දිවයිනෙන් පිටත්ව ගියේය.

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම හෙට දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.