Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව 25 වැනි ස්ථානයේ
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකාව 25 වැනි ස්ථානයේ

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය (4 වැනිදා) නිමාවට පත්වන විට රන් පදක්කම් 51 ක් දිනාගනිමින් තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණ රැගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි. රිදී පදක්කම් 42 ක් සහ ලෝකඩ පදක්කම් 39 ක් සමග මේ වන විට ඔවුන් ලබා සිටින මුළු පදක්කම් සංඛ්‍යාව 132 කි.

රන් පදක්කම් 42 ක්, රිදී පදක්කම් 44 ක් සහ ලෝකඩ පදක්කම් 32 ක් දිනා සිටින සත්කාරක එංගලන්තය හත්වැනි දිනය අවසානයේ පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි. එහි තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ රන් පදක්කම් 17 ක්, රිදී පදක්කම් 20 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් දිනා සිටින කැනඩාවය. නවසීලන්තය රන් පදක්කම් 16 ක්, ‍රීදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් සමග සිවුවැනි ස්ථානයේ පසුවේ.

බර ඉසිලීමේ පිරිමි ඉසව්වකින් ‍ලෝකඩ පදක්කමක්, මීටර් 100 පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් සහ පැරා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාව, හත්වැනි දිනය අවසානයේ  පදක්කම් සටහනේ 25 වැනි ස්ථානයේ පසුවේ. පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත් අතර ඩිලංක ඉසුරු කුමාර සහ යුපුන් ‍අබේ‍‍කෝන් ලෝකඩ පදක්කම් දිනාගත්හ.

-036 


අදහස් (0)

ශ්‍රී ලංකාව 25 වැනි ස්ථානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.