බී.එන්.පී පරිබාස් කනිෂ්ඨ (අවුරුදු 16 න් පහළ) ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ (ආසියා ශාන්තිකර කළාපීය) පෙර සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වූ ශ්‍රී ලංකා බාලක කණ්ඩායම එහි සිවුවැනි ස්ථානය දක්වා ඇද වැටිණ.
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී වියට්නාමය හමුවේ තරග වට 2-1 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
කේවල 2 කින් සහ යුගළ තරගයකින් සමන්විත වූ තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී ශ්‍රී ලංකාවට ජයගත හැකි වූයේ එක් කේවල තරගයක් පමණි. කුවෑන්ග් ට්‍රවුන්ග්ට එරෙහිව පැවැති එම කේවල තරගය වට 2-0 ක් ලෙස ජයගැනීමට කවිෂ්ක රත්නායක සමත් විය.
සෙසු කේවල තරගයේදී තායි ගුයෙන් හමුවේ වට 2-1 ක් ලෙස චාතුර්ය නිලවීර පරාජයට පත් වූ අතර යුගල තරගයේදී තායි ගුයෙන් සහ ලී ඛාන් ඩුයි හමුවේ වට 2-0 ක් ලෙස කවිෂ්ක රත්නායක සහ අෂේන් සිල්වා පරාජයට පත් වූහ.
‘ඩී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී සෞදි ආරබිය තරග 3-0 ක් ලෙසද, තජිකිස්තානය තරග 3-0 ක් ලෙසද පරාජය කරමින් ‘ඩී’ කාණ්ඩයේ දෙවැනියා ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසකම් ලැබීය.
අර්ධ අවසන් පූර්ව වටයේදී තරග 2-1 ක් ලෙස සිරියාව පරාජයට කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තද, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල පාකිස්තානය හමුවේ තරග 3-0 ක පරාජයක් ලැබීය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය තේරීමේ තරගයට සහභාගි වීමට සිදුවිය.
අවසන් පූර්ව තරගය
■ අබ්දුල් රෙහෙමාන් (පාකිස්තානය) විසින් වට 2-0 ක් ලෙස කවිෂ්ක රත්නායක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/2, 6/2)
■ මුහම්මද් ෂෙහේබ් (පාකිස්තානය) විසින් වට 2-0 ක් ලෙස චාතුර්ය නිලවීර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/2, 6/0)
■ මුහම්මද් ෂෙහේබ් සහ මුහම්මද් අහමඞ් (පාකිස්තානය) විසින් වට 2-0 ක් ලෙස කවිෂ්ක රත්නායක සහ අෂේන් සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (6/1, 6/2)
තෙවැනි ස්ථානය තේරීමේ තරග
■ කවිෂ්ක රත්නායක (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස කුවෑන්ග් ට්‍රවුන්ග් (වියට්නාමය) පරාජය කරන ලදි. (6/3, 6/2)
■ තායි ගුයෙන් (වියට්නාමය) විසින් වට 2-1 ක් ලෙස චාතුර්ය නිලවීර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/2, 2/6, 6/4)
■ තායි ගුයෙන් සහ ලී ඛාන් ඩුයි (වියට්නාමය) විසින් වට 2-0 ක් ලෙස කවිෂ්ක රත්නායක සහ අෂේන් සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (6/1, 6/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.