ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (28 වැනිදා) තරගයේදී ශ්‍රී ලංකා පිල ජය ලැබීමත් සමග ප‍්‍රසාද ලකුණු 8 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.
පාකිස්තානය තරග දෙකකදී අතිරේක ප‍්‍රසාද ලකුණ ද සමග ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා දෙවැනි ස්ථානයේ පසු වෙයි. ඉන්දියාව තරග දෙකකදී එක තරගයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 4 ක් සමගින් තෙවැනි ස්ථානයේ පසු වෙයි.
තරගාවලියේ පස්වැනි තරගය බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර අද (01) පැවැත්වේ.
කෙසේ වෙතත් තරගාවලියේ මුල් ස්ථාන දෙකෙන් එකක් සඳහා වන තීරණාත්මක තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර හෙට (02) ඩකාහිදී පැවැත්වේ.
| ශ්‍රී ලංකා / ඉන්දියා තරගයෙන් පසු ප්‍රසාද ලකුණු පුවරුව | |||||||
| කණ්ඩායම | ත. | ජ. | ප. | ස. | ප්‍ර.ල. | ශු.ල.වේ. | |
| ශ්‍රී ලංකාව | 2 | 2 | 0 | 0 | 8 | + 0.168 | |
| පාකිස්තානය | 2 | 1 | 1 | 0 | 5 | + 0.600 | |
| ඉන්දියාව | 2 | 1 | 1 | 0 | 4 | + 0.018 | |
| බංග්ලාදේශය | 1 | 0 | 1 | 0 | 0 | - 0.134 | |
| ඇෆ්ගනිස්තානය | 1 | 0 | 1 | 0 | 0 | - 1.44 | |
| (කෙටි යෙදුම්) | |||||||
| ත. - තරග, ජ. - ජය, ප. - පරාජ, ස. - සම, ප්‍ර.ල. - ප්‍රසාද ලකුණු, ශු.ල.වේ. - ශුද්ධ ලකුණු වේගය | |||||||
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.