Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව නේපාලයටත් පරදියි

ශ්‍රී ලංකාව නේපාලයටත් පරදියි

editorial - 2022 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේ බුහුබනේෂ්වර් නුවරදී අද (27) රාත්‍රියේදී පැවැති සාෆ් වයස 20න් පහළ ශූරතා තරගයකදී ශ්‍රී ලංකාව නේපාලයට ගෝල 3-0කින් පරාජය විය. බුහුබනේෂ්වර් නුවරදී දැන් පැවැත්වෙන දකුණු ආසියානු (සාෆ්) වයස 20න් පහළ පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගත් දෙවැනි පරාජය මෙයයි.

නේපාලය 58, 59 හා 87 වැනි විනාඩිවලදී මෙම ගෝල වාර්තා කළේය. පළමු තරගයෙන් ගෝල 1-0 කට බංග්ලාදේශයට පරාජය වීමෙන් ශ්‍රී ලංකාවට මෙහි අවසන් තරගයට පිවිසීමට ඇති අවස්ථාව අහිමිවගොස් තිබේ. මූලික වටයේ සිය තෙවැනි තරගය සිකුරාදා (29) ඉන්දියාවට එරෙහිව මුහුණ දීමට නියමිතය. අද පැවැති තවත් තරගයකදී බංග්ලාදේශය ගෝල 2-1කට ප්‍රබල ඉන්දියාව පරාජයට පත්කිරීමට සමත්විය.


අදහස් (0)

ශ්‍රී ලංකාව නේපාලයටත් පරදියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.