ලබන වසරේ ජනවාරී මාසයේදී බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් බංග්ලාදේශයේදී පැවැත්වේ. මෙම තුන්කොන් තරගාවලියෙන් පසුව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි 20 තරග දෙකක්ද පැවැත්වීමට නියමිතව ඇත.
ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක සමගින් එක් කණ්ඩායමක් තරග දෙක බැගින් ක්‍රීඩා කරන අතර ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය ජනවාරි 25 වැනිදා පැවැත්වෙනු ඇත.
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ඩකාහිදී පැවැත්වෙන අතර චිතගොන් සහ ඩකා හිදි ටෙස්ට් තරග දෙකත් ශිලාත් සහ ඩකාහිදි විස්සයි20 තරග දෙකත් පැවැත්වීමට නියමිතව ඇත.
තුන්කොන් තරගාවලියේ කාල සටහන
පළමු තරගය - ජනවාරි 15 - බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර ඩකාහිදි
දෙවැනි තරගය - ජනවාරි 17 - ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ඩකාහිදි
තෙවැනි තරගය - ජනවාරි 19 - බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඩකාහිදි
සිවුවැනි තරගය - ජනවාරි 21 - ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ඩකාහිදි
පස්වැනි තරගය - ජනවාරි 23 - බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර ඩකාහිදි
හයවැනි තරගය - ජනවාරි 25 - බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඩකාහිදි
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග කාල සටහන
පළමු තරගය - ජනවාරී 31 - පෙබරවාරී 04 දක්වා චිතගොන්හිදි
දෙවැනි තරගය - පෙබරවාරී 08 - පෙබරවාරී 12 දක්වා ඩකාහිදි
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර වි20 තරග කාල සටහන
පළමු තරගය - පෙබරවාරී 15 - ඩකාහිදි
දෙවැනි තරගය - පෙබරවාරී 18 - ශිලාත්හිදි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.