Last Update  :  2025-11-08 15:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව කිරිගිස්ථානයට එරෙහිව සටනට
මධ්‍යම ආසියානු වොලිබෝල් තරග

ශ්‍රී ලංකාව කිරිගිස්ථානයට එරෙහිව සටනට

editorial - 2025 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු සිව් කොන් වොලිබෝල් (වයස 19 න් පහළ - බාලිකා) තරගාවලියේ අවසන් පූර්ව තරග වටය අද (8) පැවැත්වේ.

අද පස්වරු 2.00 ට සත්කාරක ශ්‍රී ලංකාව හා කිරිගිස්ථානය අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වේ. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී කිරිගිස්ථානය මුණ ගැසෙන දෙවැනි අවස්ථාව මෙයයි.මූලික වටයේ දෙපිල මුණ ගැසීමේදී ශ්‍රී ලංකාව ඔවුන් වට 3 - 0 කින් පරාජය කිරීමට සමත් විය.

නේපාලය හා මාලදිවයින අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ අද පස්වරු 4.30 ටය.

ඒ අනුව එම තරග ජයග්‍රාහකයන් දෙදෙනා අතර අවසන් මහ තරගය හෙට  (9) පස්වරු 4 ටත් පරාජිතයන් දෙදෙනා අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය හෙට පස්වරු 2 ටත් පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ශූරියන් ලබන වසරේදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් - (වයස 20 න් පහළ - බාලිකා) තරගාවලියට මධ්‍යම ආසියානු කලාපයෙන් නිර්දේශ ලබයි. මූලික වටයේදී ශ්‍රී ලංකාව නියමිත තරග තුනෙන් දෙකක් ජය ගත් අතර එක් තරගයකින් පරාජය විය.

එහිදී ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් ශ්‍රී ලංකාව තරග තුනේදීම ප්‍රතිවාදිනියන් හමුවේ වට අටක් ජය ගෙන තවත් වට හතරක් පරාජයවී තිබේ.එහීදී ශ්‍රී ලංකාව ඔවුන් හමුවේ මුළු ලකුණු 265 ක් රැස් කර තිබේ. ප්‍රතිවාදිනියන් එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 220 ක් රැස් කර තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය අත් කර ගත් නේපාලයත් තරග තුනෙන් දෙකක් ජය ගෙන තිබේ.එහිදී ඔවුන් තරග තුනේදීම වට හතක් ජය ගෙන තුනක් පරාජයවී තිබේ.ඔවුන්ගේ තරග මුළු ලකුණු එකතුව ප්‍රතිවාදිනියන් හා ගැලපීමේදී 239 - 194 ක අගයක් ගනියි.

කිරිගිස්තානයටත් මූලික වටයේ තරග තුනෙන් දෙකක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ලැබීය.එහෙත් මාලදිවයින තරග තුනෙන්ම පරාජය විය.එහිදී කිසිදු වටයක් ජය ගැනීමටද ඔවුන් අපෝහෝසත් විය.   

ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රධාන අනුග්‍රාහය දරන මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානය හා සමාප්ත උත්සවය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේදී  පැවැත්වේ.


අදහස් (0)

ශ්‍රී ලංකාව කිරිගිස්ථානයට එරෙහිව සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.