Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවේ තරගයට අලුත්ම පිටියක්

ශ්‍රී ලංකාවේ තරගයට අලුත්ම පිටියක්

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලබන (2019) ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා අලුත්ම ක්‍රීඩාංගණයක් භාවිතා කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දෙවැනි තරගය පැවැත්වීමට නියමිත මනුකා ඕවල් පිටියේ මේ දක්වා ටෙස්ට් තරගයක් පවත්වා නැති අතර වසර 26 කාලයක් පුරා එහි පවත්වා ඇත්තේ එක්දින අන්තර්ජාතික තරග 9 ක් පමණි. 

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු ටෙස්ට් තරගය බ්‍රිස්බේන්හි  ‘ගැබා’ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. දෙවැනි තරගය කැන්බරාහි ‘මනුකා ඕවල්’ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙතෙක් ටෙස්ට් තරග 29ක් පවත්වා ඇති අතර එයින් තරග 17 ක්ම ජයගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව විසිනි. එයින් ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වී ඇත්තේ ටෙස්ට් තරග 4 ක් පමණි. 2016 වසරේ ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ තරග 3÷0 ලෙස පූර්ණ තරගාවලි  පරාජයකට පත් වූයේ වසර 17 කට පසුවය. 

තරග කාලසටහන 
ජනවාරි 24 - 28 : පළමු ටෙස්ට් තරගය
 බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී
පෙබරවාරි 01 - 05 : දෙවැනි ටෙස්ට් (දිවා/රාත්‍රී) තරගය මනුකා ඕවල් පිටියේදී 
 - 024

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ තරගයට අලුත්ම පිටියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.