Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය

ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය

ශනුක අරවින්ද - 2017 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොං කොං කණ්ඩයම හමුවේ අද (13 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 58-49 ක් ලෙස පරාජය වීම නිසා දකුණු කොරියාවේදී පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

තරගාවලියේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන තීරණය කිරීම සඳහා මෙම තරගය පැවැති අතර ඉන් ජය ලැබීමත් සමග හොං කොං කණ්ඩයම එහි තෙවැනි ස්ථානයට පත් විය.

තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සිංගප්පූරුව සමත් වූයේ ඉතා තියුණු තරගයකින් අනතුරුව අවසන් මහ තරගයේදී ලකුණු 47-43 ක් ලෙස මැලේසියාව පරාජය කරමිනි.

අද පැවැති ශ්‍රේණිගත කිරීමේ තරග වලදී තරගාවලියට සහභාගි වූ සෙසු රටවල් වන තායිලන්ත 5 වැනි ස්ථානයටද, ඉන්දියාව 6 වැනි ස්ථානයටද, චීන තායිපේ 7 වැනි ස්ථානයටද, මාලදිවයින 8 වැනි ස්ථානයටද පත්විය.

 

- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.