Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

ශනුක අරවින්ද - 2014 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

3-2 ක් ලෙස ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයගනී....

ඕවර 48.2 - 222/4

බොපාරගේ ඕවරයේ පළමු සහ දෙවැනි පන්දු වලට හතරේ පහර 2 ක් එල්ල කළ මැතිව්ස් ශ්‍රී ලංකා කන්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යයි... මැතිව්ස් නොදැවී 42 යි, තිරිමාන්න නොදැවී 60 යි...

ඕවර 48 - 214/4

මැතිව්ස් සහ තිරිමාන්න අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධතාව ලකුණු 53 යි... ඒ සදහා වැයවූ පන්දු ගණන 55 කි...

ඕවර 47 - 205/4

තිරිමාන්න ලකුණු 58 ක් ලබාසිටියදී ලබාදුන් පහසු උඩ පන්දුවක් ඇන්ඩමස් බිම දමයි... ඇන්ඩසන්ගේ එම ඕවරයේ පළමු පන්දුවට තිරිමාන්න අලංකාර හතරේ පහරක් එල්ල කරයි... පිට ඉන්නෙන් පිටතට යන පන්දු වෙත ගොස් එය මිඩ්විකට් කළාපය හරහා හතරේ සීමාව වෙත යැවීමට තිරිමාන්න සමත්වෙයි...

ඕවර 45 - 191/4

ජයග්‍රහණය සදහා තවත් ලකුණු 29 ක් අවශ්‍යයි... ඒ සදහා ඉතිරිව ඇත්තේ පන්දු 30 ක් පමණයි... දැන් ඉතින් පන්දුවකට ලකුණ බැගින් රැස්කරන්න වෙනවා...

ඕවර 43 - 178/4

පන්දු 89 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් තිරිමාන්න තම අර්ධ ශතකය සම්පූර්ණ කරයි... පන්දු 16 කට මුහුණදුන් මැතිව්ස් තවමත් ලබාගෙන ඇත්තේ ලකුණු 9 ක් පමණයි... ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා පිල පන්දු 40 කදී ලකුණු 41 ක් රැස්කළ යුතුයි...

ඕවර 40 - 164/4

ශ්‍රී ලංකා නායකයා මැතිව්ස් දැන් තිරිමාන්න සමග පිටයේ...

ඕවර 38.3 - 160/4 - මහේල දැවී යයි

ජොර්ඩ්න්ගේ පන්දුවක් හමුවේ ඇන්ඩසන් අතට උඩ පන්දුවක් ලබාදෙමින් ලකුණු 51 ක් ලබා සිටි මහේල් ජයවර්ධන දැවී යයි... මහේලගේ පිත්තේ මැද හරියේ වැදී තනි උඩ ගිය පන්දුව මිඩ්ඕෆ්හි පන්දු රකිමින් සිටි ඇන්ඩසන් විසින් උඩ පන්දුවක් බවට පරිවර්ථනය කරගනී...

ඕවර 38 - 156/3

පන්දු 87 කදී හතරේ පහර 4 ක් සමගින් මහේල තම අර්ධ ශතකය වාර්තා කරයි... වෙලාවේ හැටියට මහේලගේ මේ ලකුණු 50 රත්තරන් වටිනවා...

ඕවර 36 - 147/3

පළමු පවර් ප්ලේ ඕවරයට ලකුණු 3 ක් පමණයි... මහේල නොදැවී සිටීමට ආරක්ෂාකාරී ක්‍රියා මාර්ග අනුගමනය කරයි...

ඕවර 34 - 143/3

ඒ පාර නම් වහින්න වගෙයි එන්නේ... ඩක්වත් ලුවිස් ක්‍රමයට තරගය ජය ගැනීමට නම් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 122 යි...  ඒ අනුව දැනටමත් ශ්‍රී ලංකාව එංගලන්තයට වඩා ලකුණු 21 ක් ඉදිරියෙන්...

ඕවර 33 - 139/3

මහේල හෙමින් සැරේ පන්දුවට පහරදීමේ වේගය වැඩි කරයි... ඔහුගේ අර්ධ ශතකයට අඩු තව ලකුණු 7 යි...

ඕවර 30 - 119/3

මහේලගෙන් දැවැන්ත පුල් පහරක්... පන්දුව ඩීප් මිඩ්විකට් කළාපය හරහා හතරේ සීමාවට...

ඕවර 28 - 109/3

බොපාරා පන්දු යැවීමට පැමිණෙයි... ඔහුගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි...

ඕවර 25 - 99/3

මහේල පන්දු 41 කින් ලකුණු 18 යි, තිරිමාන්න පන්දු 44 කින් 17 යි...

ඕවර 22 - 90/3

ශ්‍රී ලංකා ඉනිමේ පළමු හයේ පහර තිරිමාන්නගෙන්... පන්දුව ඩීප් මිඩ්විකට් කළාපයට ඉහළන් ප්‍රේක්ෂකාගාරයට...

ඕවර 19 - 81/3

දැඩි නිහඩතාවකින් අනතුරුව මහේලගෙන් හතරේ පහරක්... පන්දුව කඩුලු රකින්නා සහ ස්ලිප් ක්‍රීඩකයා අතරින් හතරේ සීමාවට ඇදී යයි...

ඕවර 16 - 70/3

මහේල සහ තිරිමාන්න ආරක්ෂාකාරීව ඉනිම ගොඩ නැගීමේ උත්සහායක...

ඕවර 14 - 68/3

රූට් පන්දු යැවීමට පැමිණෙයි... ඔහුගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි...

ඕවර 12 - 63/3

නවක පිතිකරුවන් ලෙස පැමිණි මහේල සහ තිරිමාන්න කඩුල්ලේ රැදීසිටීමට සටනක...

ඕවර 10.5 - 62/3 - කුසල් දැවී යයි

ඇන්ඩසන් යැවූ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් කුසල් ජනිත් දැවී යයි... ඔහු එම දැවීයාම විනිසුරු තීරණ විමසීමේ ක්‍රමයට යොමුකළද, තෙවැනි විනිසුරුද ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කළේය...

ඕවර 10 - 59/2 - සංගක්කාර දැවී යයි

ට්‍රෙඩ්වෙල්ගේ පන්දුවකට ස්ලිප්හි පන්දුරකිමින් සිටි ජොර්ඩාන් අතට උඩ පන්දුවක් දෙමින් සංගක්කාර ලකුණු 2 කට දැවී යයි...

ඕවර 7.2 - 55/1 - ඩිල්ෂාන් දැවී යයි

ට්‍රෙඩ්වෙල්ගේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කළ ඩිල්ෂාන් දෙවැනි පන්දුවේදී රූට් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 28 කට දැවී යයි...

ඕවර 5.1 - 36/0

කුසල් ලබාදුන් පහසු උඩ පන්දුවක් ජොර්ඩාන් අතින් ගිළිහී යයි...

ඕවර 4 - 27/0

කුසල් - ඩිල්ෂාන් ලකුණු මැෂිම ක්‍රියාත්මක කරයි... ගර්නිගේ දෙවැනි ඕවරයට හතරේ පහර 3 ක්...

ඕවර 2.3 - 11/0

ශ්‍රී ලංකා ඉනිමේ පළමු හතරේ පහර කුසල්ගෙන්...

ඕවර 2 - 6/0

එංගලන්ත පන්දුයවන්නෝ අසාර්ථක ආරම්භයක් ලබාගනිති...

වර්ෂාව නැවතිලා, පිටියේ තිබූ ආවරණත් ඉවත් කරලා... තරගය ආරම්භ කරන්න වගෙයි සූදානම....

වර්ෂාව නිසා ශ්‍රී ලංකා ඉනිම තරමක් ප්‍රමාද වෙන පාටයි...

................................................................................................................................................

එංගලන්තය ලකුණු 219 කට සියලු දෙනා දැවී යයි... ශ්‍රී ලංකාවට ලකුණු 220 ක ඉල්ලකයක්...

ඕවර 48.1 - 219/10 - ඇන්ඩසන් දැවී යයි

මාලිංග යැවූ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 5 ක් ලබා සිටි ජේම්ස් ඇන්ඩසන් දැවී යයි...

ඕවර 47.3 - 218/9 - ජෝර්ඩ්න් දැවී යයි

ලකුණු 30 ක් ලබා සිටි ජෝර්ඩ්න් දුවද්දී දවාගැනීමකට හසු කරගැනීමට කුසල් සහ මෙන්ඩිස් සමත්වෙති...

ඕවර 46 - 209/8

සචිත්‍රගෙන් විශිෂ්ට පන්දු යැවීමක්... ඕවර 10 කට ලකුණු 36 යි, කඩුලු 1 යි...

ඕවර 45 - 121/8 - ට්‍රෙඩ්වෙල් දැවී යයි

මාලිංගගේ යෝකර් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ජේම්ස් ට්‍රෙඩ්වෙල් ලකුණු නොළබා දැවී යයි...

ඕවර 43.3 - 199/7 - බට්ලර් දැවී යයි

පන්දු යැවීමට පැමිණි සචිත්‍ර, පිතිකරු සීමාවෙන් පිටතට පැන සිටි ජොස් බට්ලර්ගේ කඩුල්ල බිද දමයි... විනිසුරු වරයා එය දැවී යෑමක් ලෙස සදහන් කරයි... දැවී යන විට බට්ලර් පන්දු 24 කදී ලකුණු 21 යි...

ඕවර 42 - 191/6

සේනානායකගේ ඕවරයට ලකුණු 2 ක් පමණයි... එංගලන්ත පිතිකරුවෝ මන්දගාමී ගමනක...

ඕවර 40 - 182/6

බට්ලර් තවමත් කඩුල්ලේ... නවක පිතිකරුවා ජෝර්ඩ්න්... ඔහුටත් තරමක් වේගයෙන් පන්දුවට පහරදෙන්න පුලුවන්...

ඕවර 37.2 - 170/6 - බොපාරා දැවී යයි

මෙන්ඩිස්ගේ පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට ගිය බොපාරා පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා ලකුණු 17 කට දැවී යයි... පන්දුව කඩුල්ල වෙත ඇදී ගියේ බොපාරාගේ කකුල් දෙක යටින්...

ඕවර 37 - 169/5

එංගලන්ත පිතිකරුවෝ පන්දු 24 කින් හතරේ පහරක් එල්ල කරලා නෑ...

ඕවර 35 - 162/5

මාලිංගගේ පන්දු වලට පහරදෙන විදිහ මාධය වලට කියපු බොපාරා දැන් මාලිංග ඉදිරියේ ටිකක් අසරණ වෙලා වගේ...

ඕවර 32 - 145/5

කළින් තරගයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් අසරණ කළ ජොස් බට්ලර් දැන් පන්දුවට පහරදෙනවා... බලමු ඔහුට එදා කරපුදේම අදත් කරන්න් පුලුවන්වෙයිද කියලා...

ඕවර 30.4 - 142/5 - මෝගන් දැවී යයි

පිට පිට දුවද්දී දැවී යෑම් 3 කින් යන්තම් බේරුණ ඔයින් මෝගන්, මැතිව්ස්ගේ පන්දුවකට මහේල අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 17 කට දැවී යයි...

ඕවර 29.2 - 136/4 - කුක් දැවී යයි

සේනානායකගේ පන්දුවකට සංගක්කාර අතට උඩ පන්දුවක් දෙමන් ලකුණු 56 ක් ලබා සිටි ඇලෙස්ටෙයාර් කුක් දැවී යයි...

ඕවර 29 - 135/3

ඩිල්ෂාන් සහ ප්‍රියන්ජන් අන්ත දෙකෙන් දිගටම පන්දු යවමින්...

ඕවර 27 - 125/3

පිටියේ සිටින නවක පිතිකරුවා මෝගන්... මෙයත් ටිකක් අමාරු කාරයෙක්...

ඕවර 25 - 119/3

ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරලා තියෙනවා... සචිත්‍ර, මෙන්ඩිස්, ඩිල්ෂාන් සහ ප්‍රියන්ජන් යැවූ ඕවර 15 ටම ඔවුන් ලබාගෙන තියෙන්නේ ලකුණු 70 ක් පමණයි...

ඕවර 23.3 - 116/3 - රූට් දැවී යයි

ප්‍රියන්ජන් යැවූ පන්දුවක් ජෝරූට්ගේ අත් ආවරණයේ වැදී ඉහළ යයි. එය රැකගත් සංගක්කාර එය දැවීයාමක් ලෙස විනිසුරුගෙන් ඉල්ලීමක් කලද. විනිසුරැ එය ප්‍රතික්ශේප කරයි. විනිසුරු තීරණ විමසීමේ ක්‍රමයට අනුව එම තීරණය තෙවැනි විනිසුරුට යොමුකළ මැත්ව්ස් එය දැවී යාමක් බවට පත්කරගනී...

ඕවර 22 - 106/2

කුක් පන්දු 69 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරයි...

ඕවර 20.1 - 98/2 - බැලන්ස් දැවී යයි

මාලිංගගේ පන්දුවකය මාලිංග අතටම පහසු උඩ පන්දුවක් දෙමන් ලකුණු 10 ක් ලබා සිටි ගැරී බැලන්ස් දැවී යයි...

ඕවර 20 - 98/1

මෙන්න ප්‍රියන්ජනුත් පන්දු යවන්න ඇවිල්ලා... මැතිව්ස් හදන්නේ වැඩිපුර දග පන්දු යවන්නන් යොදවලා එංගලන්ත ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කරන්න වගේ...

ඕවර 18 - 88/1

ඩිල්ෂාන් පන්දු යැවීමට එයි... ඔහුගේ ඕවර 2 කට ලකුණු 7 යි...

ඕවර 15 - 76/1 - බෙල් දැවී යයි

මෙන්ඩිස්ගේ පන්දුවකට මෙන්ඩිස් අතටම උඩ පන්දුවක් දෙමින් ලකුණු 37 ක් ලබා සිටි ඉයන් බෙල් දැවී යයි... නවක පිතිකරුවා ගැරී බැලන්ස්...

ඕවර 14 - 67/0

සචිත්‍රගේ ඕවර 5 ටම එංගලන්ත පිතිකරුවන් ලබාගෙන තියෙන්නේ ලකුණු 18 ක් විතරයි... පන්දුව දමා ගසනවා කියලා චෝදනා ආවට තවමත් සචිත්‍ර තමන්ගේ උපරිමය කණ්ඩායමට දෙනවා වගේ...

ඕවර 12 - 58/0

මෙන්ඩිස් වමත් පිතිකරුවන්ට පන්දු යවන විට පන්දුව ටිකක් පා ඉන්න කෙළින් පතිත කරන ගතියක් පෙනෙන්නට තියෙනවා...

ඕවර 10 - 46/0

ආරම්භක පිතිකරුවන් දෙදෙනා තවමත් පිටියේ... (කුක් නොදැවී 18, බෙල් නොදැවී 27) එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්...

ඕවර 9 - 42/0

කුලසේකගේ පන්දුවකට බෙල් ලබාදුන් පහසු උඩ පන්දුවක් මහේල අතින් ගිළිහී යයි... එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බෙල් තවත් හතරේ පහරක් එල්ල කරයි...

ඕවර 7 - 32/0

කුලසේකර කඩුල්ල කෙළින් එක එල්ලේ පන්දු යවනවා... තණතීරුවේ දෝලනය ඔහුට තරමක් උදව් කරනවා වගෙයි...

ඕවර 6 - 29/0

සචිත්‍රගේ පළමු පන්දුවටම කුක්ගෙන් හතරේ පහරක්...

ඕවර 4 - 17/0

තරගයේ පළමු හතරේ පහර ඉයන් බෙල්ගෙන්... මාලිංගගේ පන්දුවකට මිඩ් ඕෆ් කළාපය හරහා පන්දුව වේගයෙන් හතරේ සීමාව කරා ඇදී යයි...

ඕවර 2 - 05/0

කුලසේකර - මාලිංග සුපුරුදු ආරම්භයේ..

කාසියේ වාසිය

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද (3 වැනිදා) බර්මින්හැම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත පිලේ පිලේ නායක ඇලෙස්ටෙයාර් කුක් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කරයි...

මේ වන විට දෙපිලම තරග 2 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවන නිසා තරගාවලියේ ජය පරාජය තීරණය කෙරෙන මෙම තරගය දෙපිලටම ඉතා තීරණාත්මකයි...

අද තරගයට සහභාගී වන කණ්ඩායම් දෙකේ කිසිම වෙනසක් නෑ... කළින් තරගයට ක්‍රීඩා කරපු කණ්ඩායම් දෙකම තමයි මේ තරගයටත් ක්‍රීඩා කරන්නේ....

ශී‍්‍ර ලංකා පිල - තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, අෂාන් පි‍්‍රයන්ජන, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග

එංගලන්ත පිල - ඇලෙස්ටෙයාර් කුක්, ඉයන් බෙල්, ගැරි බැලන්ස්, ඔයින් මෝගන්, ජෝ රූට්, රවී බොපාරා, ජොස් බට්ලර්, කි‍්‍රස් ජොර්ඩාන්, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල්, ජේම්ස් ඇන්ඩසන්, හැරී ගර්නී

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.