Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විනෝද් - ටානියා ශූරතා දිනති

විනෝද් - ටානියා ශූරතා දිනති

රොෂාන් ගුණරත්න - 2017 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කළ විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ රන් කාණ්ඩයේ බාලක ශූරතාව දිනාගැනීමට විනෝද් වීරසිංහ සමත් විය. ප්‍රීමා සමාගමේ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය දින 3 ක් පුරා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


රන් කාණ්ඩය සඳහා තරගකරුවන් 13 දෙනෙක් එක්ව සිටි අතර ආමන්ඞ් කල්දේරා එහි දෙවැනි ස්ථානයත්, ඩැරන් ගෝමස් එහි තෙවැනි ස්ථානයත් හිමිකර ගත්හ.


රන් සහ රිදී කාණ්ඩ ඒකාබද්ධ කොට පවත්වන ලද බාලිකා තරගාවලියේ ශුරතාව දිනාගැනීමට ටානියා මිනෙල් සමත් වූ අතර ඇය සමග කරට කර සටනක නිතර වූ කයිලා පෙරේරා එම කාණ්ඩයේ අනු ශූරතාව හිමිකර ගත්තාය.


නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ එස්. දුවර්ෂන් රිදී කාණ්ඩයේ බාලක ශූරතාව දිනාගත් එම කාණ්ඩයේ අනු ශූරතාව හිමි වූයේ ලෙවන් නියරේපොලටය. ෂාගල් දිනුෂ්ක ලෝකඩ කාණ්ඩයේ බාලක ශූරතාව දිනාගත් අතර තඹ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට කායා දලුවත්ත සමත් වූයේ රෙෂාන් අල්ගම එහි දෙවැනි ස්ථානයට පත් කරමිනි.


මෙම තරගාවලියේදී අවුරුදු 15 සිට 17 දක්වා වයස් කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් කාණ්ඩයෙන්ද, අවුරුදු 11 සිට 14 දක්වා වයස් කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී කාණ්ඩයෙන්ද, වයස් අවුරුදු 10 සිට 11 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ කාණ්ඩයෙන්ද, අවුරුදු 9 ට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තඹ කාණ්ඩයෙන්ද තරග වැදිණ.


තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්වය සඳහා ප්‍රීමා සමාගමේ අධ්‍යක්ෂ සුනිල් ලීනියාගොඩ, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ප්‍රියාත් ප්‍රනාන්දු, කමිටු සාමාජික රනිල් පීරිස්, කනිෂ්ඨ අනුකමිටු සාමාජික චන්දන වීරසිංහ, නීති කමිටු සාමාජික ජොනී ද සේරම් ඇතුළු මහත්ම මහත්මීහු රැසක් රැසකගේ සහභාගි වූහ.

-036

 

ටානියා බාලසූරිය විනෝද් වීරසිංහ

 


අදහස් (0)

විනෝද් - ටානියා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.