සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මේස පන්දු තරගාවලියේ වයස අවු 20න් පහළ තරගාවලියේ අවසන් වටයේදී මහනුවර විද්‍යාර්ථ විදුහල විසින් කොළඹ ආනන්ද විදුහල පරදා බාලක ශූරතාව දිනාගන්නා ලදි. කොළඹ විශාඛා විදුහල විසින් මහාමායා බාලිකා විදුහල පරදවමින් බාලිකා ශූරතාවත් දිනා ගන්නා ලදී.
විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සහ විශාඛා විදුහලේ දිව්‍යාංජලී ප්‍රනාන්දු දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනා ගත්හ.
වයස අවු 17න් පහළ බාලක -බාලිකා ශූරතා දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සහ කොළඹ කාන්තා විදුහල සමත් වූහ. බාලක සහ බාලිකා තරගාවලි දෙකේදීම අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අනුශූරතා හිමිකරගත්තේය. මෙම තරගාවලිය ගල්කිස්ස ශා.තෝමස් විදුහල් ගෘහස්ථ ත්රීඩාංගනයේදී පැවැත්විය.
තරග ප්‍රතිඵල
වයස අවු 20 න් පහළ බාලක
■ ශූරතාව - විද්‍යාර්ථ විදුහල මහනුවර
■ අනු ශූරතාව - ආනන්ද විදුහල කොළඹ
■ 3 වැනි ස්ථානය - ධර්මාශෝක විදුහල අම්බලන්ගොඩ
වයස අවු 20 න් පහළ බාලිකා
■ ශූරතාව - විශාඛා විදුහල කොළඹ
■ අනු ශූරතාව - මහමායා බාලිකා විදුහල මහනුවර
■ 3 වැනි ස්ථානය -ධර්මාශෝක විදුහල අම්බලන්ගොඩ
වයස අවු 17න් පහළ බාලක
■ ශූරතාව - රාජකීය විදුහල කොළඹ
■ අනු ශූරතාව - ධර්මාශෝක විදුහල අම්බලන්ගොඩ
■ 3 වැනි ස්ථානය - විද්‍යාර්ථ විදුහල මහනුවර
වයස අවු 17න් පහළ බාලිකා
■ ශූරතාව - කාන්තා විදුහල කොළඹ
■ අනු ශූරතාව - ධර්මාශෝක විදුහල අම්බලන්ගොඩ
■ 3 වැනි ස්ථානය - මහමායා බාලිකා විදුහල මහනුවර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.