Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විශේෂ මහ සභා රැස්වීම 29 දා

විශේෂ මහ සභා රැස්වීම 29 දා

Nisanka Sandeepani - 2017 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ විශේෂ මහා සභා රැස්වීමක් මෙම 29 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. දැල්පන්දු සම්මේලනයේ දැනට හිස්ව පවතින උපසභාපති, භාණ්ඩාගාරික හා උපභාණ්ඩාගාරික යන ධුර පිරවීම සඳහා එදින පෙරවරු 10.00 ට ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමට නියමිතය.

හිස්ව පවතින ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයට අයදුම් කළ අපේක්ෂිකාවන් එහි සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇත්තේ එදින පස්වරු 1.00 ටය.

හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිනියන් වන හයිසින්ත් විජේසිංහ, බෲනායි රාජ්‍යයේ වත්මන් ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස, ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක් වන සොමිතා අල්විස් හා ජාතික කනිෂ්ඨ දැල්පන්දු පුහුණුකාරිනියක් වන අමල්කා ගුණතිලක යන මහත්මීහු මෙවර ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයට ඇයැදුම් කර සිටිති.

ලබන වසරේ යෙදෙන ආසියානු දැල්පන්දු ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම අලුතෙන් පත්වන ජාතික දැල්පන්දු පුහුණුකාරිනියට පැවරෙන ප්‍රධාන වගකීමයි. 

කෙසේ වුවත් මහා සභා රැස්වීමක් කැඳවෙන දිනයේදීම ජාතික පුහුණුකාරිනිය නිර්දේශ කිරීමේ සම්මුඛ පරීක්ෂණය කැඳවීමට ගෙන තිබෙන තීරණයට ඊට ඇයැදුම් කළ ඇතැම් අපේක්ෂිකාවන් නොසතුට පළ කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් දැල්පන්දු පරිපාලනය නීත්‍යානුකූලව ස්ථාපිත නොවී තිබෙන අවස්ථාවක එය නිවැරැදි කර ගන්නා තෙක් ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය නිර්දේශ කිරීමේ සම්මුඛ පරීක්ෂණය විශේෂ මහ සභාව පැවැත්වෙන දිනයේම යොදා ගැනීමෙන් තමන් අපහසුතාවයට පත්ව සිටින බවයි.

 


අදහස් (0)

විශේෂ මහ සභා රැස්වීම 29 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.