කොළඹ තර්ස්ටන් හා හොරණ ශ්‍රී පාලී විදුහල් අතර පෙරේදා (08) තර්ස්ටන් විදුහල් ක‍්‍රිඩාංගණයේදී පැවැති අවුරුදු 15න් පහළ ක‍්‍රිකට් තරගයේදී ලබාදුන් විනිිසුරු තීරණයකට එරෙහිව එක් විනිසුරුවරයකුට පහර දුන් බව කියන තර්ස්ටන් විදුහලේ ක‍්‍රිකට් සංගමයේ ලේකම්වරයා ඊයේ (09) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පෙලීසිය පැවැසීය.
පහරකෑමට ලක් වු ක‍්‍රිකට් විනිසුරුවරයා කළ පැමිණිල්ලක් මත සැකකාර ලේකම්වරයා අත් අඩංගුවට ගෙන ඇත. පහර කෑමට ලක් වු විනිසුරුවරයා පෙරේදා රෝහල් ගත කර ඇත. ක‍්‍රිකට් තරගාවලියේ අවසානයේ මෙම පහරදීම සිදුව ඇති අතර තරගය අතරවාරයේදී තර්ස්ටන් විදුහලේ තර්ස්ටන් විදුහලේ ක‍්‍රීඩකයකුගේ දැවී යාම සම්බන්ධයෙන් ඇති වු ප‍්‍රශ්නයක් මෙම පහරදීමට හේතු වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
කුරුදුවත්ත පොලීසියේ උසස් නිලධාරියකු වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි. අත්අඩංගුවට පත් ක‍්‍රිකට් සංගම් ලේකම්වරයා ඊයේ (9) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.