Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොස්නියැකිගේ ගමන නිමයි

වොස්නියැකිගේ ගමන නිමයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාවේ ඩාරියා කසට්කිනා හමුවේ ලකුණු 7-6ක් සහ 6-3ක් ලෙස පරාජයට පත්වීමෙන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ගමන් මග අතරමග නතර කර ආපසු ගෙදර යාමට ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරිය වන ඩෙන්මාර්කයේ ටෙනිස් රැජන කැරොලින් වොස්නියැකිට සිදුවිය.

ආලෝක තත්ත්වය මඳවීම නිසා ඊයේ අතරමග නතර කළ මේ තරගය අද නැවතත් ආරම්භ විමෙන් පසුව පෙර නොවූ විරූ අයුරින් තරගයට අවතීර්ණ වූ 21 හැවිරිදි රුසියානු ක්‍රීඩිකාව තරගය ජයගත්තේ අවසන් වට 3ම දිනා ගනිමිනි.

ශ්‍රේණිගත කිරිම්වල 14 වැනි තැන පසුවන මේ රුසියානු ක්‍රීඩිකාව අර්ධ අවසන් පූර්ව වටයේදී 10 වැනි ස්ථානයේ පසුවන අමෙරිකානු ක්‍රීඩිකා ස්ලෝනි ස්ටීවන්ස් සමග තරග බිමට පිවිසෙනු ඇත.

 

- 077

 


අදහස් (0)

වොස්නියැකිගේ ගමන නිමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.